අයහපත් කාලගුණය පහව යන ලකුණු | දිනමිණ

අයහපත් කාලගුණය පහව යන ලකුණු

පවතින අයහපත් කාලගුණික තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම කැලණි ගඟේ නාගලගංවීදිය ජලමාපාංකය ඊයේ මධ්‍යම රාත්‍රී නැවතත් අනතුරු ඇඟවීමේ මට්ටම දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ කළු ගගේ මිල්ලකන්ද සහ පුටුපවුල ප්‍රදේශවල සහ අත්තනගලුඔයේ දූනමලේ ප්‍රදේශයේ තවදුරටත් ගංවතුර තත්ත්වයක් පවතින බවයි.

සෙසු ප්‍රධාන ගංගා ආශ්‍රිතව සාමාන්‍ය  තත්ත්වයක් පවතින බව වාර්තා වේ.

මේ අතර ජාතික ගොඩනැගිලි පාර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ  ආචාර්ය ගාමිණි ජයතිස්ස ප්‍රකාශ කළේ දිස්ත්‍රික්ක කිහිපයකට පනවා ඇති නායයෑමේ රතු නිවේදනය අද පස්වරු 04.00 දක්වා බලපැවැත්වෙන බවයි.

නව අදහස දක්වන්න