නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙයි | දිනමිණ

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙයි

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්වයේ වැඩි වීම තවදුරටත් පවතිනු ඇත. බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම සබරගමුවසහ මධ්‍යම පළාත්වල සහ ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවල මි.මී.50 වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (28) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

නව අදහස දක්වන්න