පසුගිය වසර කිහිපය හා සසැදීමේ දී ඩෙංගු රෝගීන්ගේ සියයට 70ක අඩුවීමක් | දිනමිණ

පසුගිය වසර කිහිපය හා සසැදීමේ දී ඩෙංගු රෝගීන්ගේ සියයට 70ක අඩුවීමක්

සුභාෂීණී සේනානායක
රක්ෂණ ශ්‍රියන්ත

ඩෙංගු රෝගීන්ගේ සියයට 70ක අඩුවීමක් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය පවසයි.

2018 වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අඩුවීමක් පෙන්නුම් කරන බවත් එහෙත් පසුගිය දිනවල ඇදහැළුණු වැසි හේතුවෙන් පුත්තලම, මඩකළපුව සහ කල්මුණේ යන ප්‍රදේශවල රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් දක්නට ඇති බවත් එම ව්‍යාපාරය පෙන්වා දෙයි.

මේ වන විට දිවයින පුරා පිහිටි රෝහල්වලට සතියකට ඩෙංගු වැළදුන රෝගීන් 500ක් පමණ ඇතුළත් වන බවත් වැසි හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ජලය එක්රැස් වී ඇති අතර ඒවා ඉවත් කිරීමටත් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය පවසයි. ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ලබන මස 07-08-09 යන තෙදින ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන් දිවයින පුරා දියත් කිරීමට කටයුතු යොදා ඇති අතර ඒ සදහා පළාත් පාලන ආයතන, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

නව අදහස දක්වන්න