ජනපති කොමිසමක් සාක්ෂි විභාගය අරඹයි | දිනමිණ

ජනපති කොමිසමක් සාක්ෂි විභාගය අරඹයි

ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ්‍රී ලංකන් කේටරින් සේවයේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පළමු සාක්ෂි විභාගය අද ආරම්භ කෙරිණ.

කොමිසමේ ලේකම් ආරියදාස කුරේ ප්‍රකාශ කළේ, සාක්ෂි විමසීම සඳහා අද උදෑසන10.00ට සමාගම් රෙජිස්ටාර් සහ එහි නිලධාරියෙකු කැඳවා ඇති බවයි.

සිදුව ඇතැයි, පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති මහජන පැමිණිලි සංඛ්‍යාව 44 කට අධික වන අතර එම පැමිණිලිවලට අදාළ විමර්ශන කටයුතු සඳහා විශේෂ කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වේ.

ශ්‍රීලංකන් , මිහින් හා ශ්‍රී ලංකන් කෙටරින් යන ආයතවල සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉකුත් පෙබරවාරි 14 වන දා විශේෂ කොමිසමක් පත් කළේ ය.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න එම කොමිසමේ සභාපතිත්වය දරයි.

අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර , විශ්‍රාමලත් මාහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ , විශ්‍රාමලත් විගණකාධිපති ඇම්.ඩී.ඒ. හැරල් යන මහත්වරු සහ ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ජේ.කේ. ගීගනගේ මෙනවිය එහි සෙසු සමාජිකයෝ වෙති.


නව අදහස දක්වන්න