පියුගෝ ගිනිකන්ද පිපිරී 25ක් මරුට - VIDEO | දිනමිණ

පියුගෝ ගිනිකන්ද පිපිරී 25ක් මරුට - VIDEO

ග්වාතමාලාවේ" පියුගෝ ගිනිකන්ද විදාරණය වීමෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් අැතැයි වාර්තාවේ.

මරණයට පත්වූවන්ගේ සංඛ්‍යාව මේ වන විට 25 දක්වා ඉහළ ගොස් අැති අතර තවත් පුද්ගලයින් 300 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

ගිනිකන්දෙන් පිටවන ලාවා අවට ගම්මාන වෙත ගලා ඒමෙන් නිවාස විශාල ප්‍රමාණයක්ද විනාශ වී ඇති බව සඳහන්.

එසේම ගිනි කන්දෙන් පිටවන අළු සහ දුමාරය හේතුවෙන් එරට ලාඅවුරෝරා ජාත්‍යන්තර ගුවන් තොටුපල මේ වනවිට වසා දමා අැත.

එමෙන්ම රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි ග්වාතමාලා ජනාධිපති ජිමී මොරාලෙස් පියවර ගත්තේ.


නව අදහස දක්වන්න

Or log in with...