කෝප් කමිටුව අද පළමුවරට රැස්වෙයි | දිනමිණ

කෝප් කමිටුව අද පළමුවරට රැස්වෙයි

අට වැනි පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය විවෘත වීමෙන් අනතුරුව අද (07) දිනයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව පළමුවරට රැස්වීමට නියමිතව තිබේ.

‍08 වෙනි පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය පසුගිය මැයි 08 වනදින ආරම්භ කෙරුණු අතර එහිදී පෙර පැවති කෝප් කමිටුවම යළි පත් කීරීමට යෝජනා කෙරිණි.

එහෙත් පසුගිය කෝප් කමිටුවේ සාමාජිකයෙකුව සිටි වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා වෙනුවට ඒ සඳහා ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා පත් කර තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගෙන් සමන්විත කෝප් කමිටුව අද පස්වරුවේ පළමු වරට රැස්වීමට නියමිතය.

මේ අතර අද නව සභාපතිවරුන් පත් කර ගැනීමට ද නියමිතව තිබේ.

එම කාරක සභා අහෝසි වූයේ, පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අවසන් වීමත් සමගනි.

කෝප් කමිටුවේ සභාපති ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිට හිමිව තිබූ අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලෙස අමාත්‍ය ලසන්ත අලගියවන්න කටයුතු කළේ ය.

නව අදහස දක්වන්න