ශ්‍රී ලංකාව, ආසියාතික රටවල ආයෝජකයින් සඳහා විවෘතයි | දිනමිණ

ශ්‍රී ලංකාව, ආසියාතික රටවල ආයෝජකයින් සඳහා විවෘතයි

ඇමැති මලික් සමරවික්‍රම

නොබෝදා පැවති සංසදයකදී අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කළේ, රාජතාන්ත්‍රික සබඳතා තුලනය කිරීම සහ ආයෝජනය වෙනුවෙන් සියළුම රටවල් සඳහා විවෘත වීම, වත්මන් රජයේ ප්‍රධාන ජයග්‍රහණයක් බවයි. Ò ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයට දැක ගත හැකි හෝ ස්පර්ශ කළ හැකි දෙයක් නොවේ - එය යටිතල පහසුකම් සංවර්ධන කටයුත්තක් ලෙස භෞතිකව දැකිය නොහැකි අතර වෙළෙඳ දැන්වීම් සඳහා එළිමහනේ ඇති පුවරුවක ප්‍රදර්ශනය කළ නොහැකිය - නමුත් එය අපගේ ජාතික අවශ්‍යතාවන් සහ අපගේ ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි ද්‍රෘඩ බලපෑමක් ඇති කරයි,Ó යැයි ඔහු ප්‍රකාශ කළේය. සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අමාත්‍යවරයා මෙම කරුණු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ආසියාතික රටවල රාජතාන්ත්‍රික නිලධාරීන් සහ ශ්‍රී ලාංකීය සංස්ථාපිත අංශය සමග පැවති රැස්වීමකදීය.

ඔහු තවදුරටත් සඳහන් කළේ, Ò2015 දී අපගේ රජය බලයට පත් වූ අවස්ථාවේ, විදේශ සබඳතා දුෂ්කර තත්වයක පැවැතිය. අපගේ විදේශ ප්‍රතිපත්තිය කඩා වැටී තිබුණි. සමහර විදේශීය සබඳතා පීඩනයට ලක් ව තිබූ අතර බොහෝ ඒවා නොසලකා හැර තිබිණ. අපගේ රාජ්‍යත්‍රාන්ත්‍රික සබඳතා යහපත් අන්දමින් තුලනය කිරීම අපේ රටට වැදගත් විය; අපගේ පැරණි සම්බන්ධකම් තවත් ශක්තිමත් කර ගෙන නව සහයෝගීතාවයන් ඇති කර ගැනීමට පසුගිය වසර තුන තුළ අප අත්පත් කර ගැනීමට සමත් වූහ.

ආසියානු ආයෝජකයින්, ශ්‍රී ලංකාව ව්‍යාපාර ඇරඹීම සඳහා පොළඹවන ගමනාන්තයක්, නැවුම් අවස්ථාවන් රැසකින් පොහොසත් රටක්, සියළුම ආසියාතික රටවල් සමඟ ශ්‍රී ලංකාවේ මිත්‍රශීලි සබඳකම් මෙන්ම පක්ෂපාතිත්වයක් නොමැතිව ඒ සියළු දෙනා සමඟම හවුල් සම්බන්ධතා විවෘතව ඇති කර ගැනීමේ හැකියාව; සහ ඉන්දියන් සාගරයේ, අපගේ අද්විතීය භූගෝලීය පිහිටීම, දකුණු ආසියාතික හා අප්‍රිකාවේ වර්ධනය වන වෙළඳපොළ වලට ප්‍රවේශ විය හැකි ඉතාමත් පරමාදර්ශී තත්ත්වයක රට තිබීම, බවට තේරුම් ගත හැකි ප්‍රධාන කාරණා තුනක්, අමාත්‍ය සමරවික්‍රම මහතා දැක්වීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, Òවෙනත් ආසියානු ආර්ථිකයන් තුළ දැඩි තරඟකාරිත්වයක් පවතින මෙවැනි මොහොතක, භාවිතා නොකළ අවස්ථා මෙහි බහුලව තිබේ - ආසියානු ආයෝජකයින් වෙත ශ්‍රී ලංකාව පිරිනමනු ලබන නව ආයෝජන අවස්ථා හරහා ඔවුන්ගේ ව්‍යාපාරික අවස්ථාවන් පුළුල් කරගත හැකිය. දෙවනුව, මේ කලාපය තුළ ශ්‍රී ලංකාව අද්විතීය වන්නේ ආසියාතික රටවල් සියල්ලම සමඟ ඉතාමත් හොඳ රාජතාන්ත්‍රික සබඳතා පවත්වා ගෙන යෑම හේතු කොට ගෙන ය. ශ්‍රී ලංකාව සාමකාමී සහ නොබැදුනු රාජ්‍යයක් ලෙස ආසියානු කලාපයේ බොහෝ රටවල් සමග මිත්‍රශීලී පිළිවෙතක් අනුගමනය කරයි. එබැවින්, ආසියාවේ ඕනෑම රටක ඕනෑම ආයෝජකයකු වෙනුවෙන් මෙහි පැමිණ ඔවුන්ව පිළිගනු ලබන බව හැඟවීමේ අසමසම වේදිකාවක් අපි ලබා දෙන්නෙමු.

අපට සුවිශේෂී වූ ආසියානු හවුල්කරුවන් නොමැත. මුළු ආසියාව ම අපගේ හවුල්කරුවන් වන අතර සියළුම ආසියාතික රටවල් අපට වැදගත්ය. ශ්‍රී ලංකාව අපට ආසන්නයේ ඇති සීඝ්‍රෙයන් වර්ධනය වෙමින් පවතින කලාපවලට පිවිසීම සදහා මහගු උත්පේරකයක් වනු ඇත.දැනටමත්, ශ්‍රී ලංකාව මෙසේ අප්‍රිකාව, යුරෝපය සහ දකුණු ආසියාව වෙනුවෙන් භාවිතා කළ හැකි අගනා කේන්ද්‍රස්ථානයක් බවට ජපාන අයෝජකයින් විශ්වාසය පළකරයි. එසේම, වෙනත් බොහෝ නැගෙනහිර ආසියාවේ රටවල් ද, විශාල සහ වර්ධනය වෙමින් පවතින දකුණු ආසියාතික වෙළඳපොළ වෙත ප්‍රයෝජනවත් ප්‍රවේශයක් ලෙස අපව හඳුනා ගෙන ඇත. ආසියානු මහද්වීපයේ බටහිර ඉමේ ඇති ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරය තුල සුවිශේෂී භූගෝලීය පිහිටීමකි. 

නව අදහස දක්වන්න