කදුළු මැද කිලිනොච්චියට සමුදුන් කර්නල් රත්නප්‍රිය | දිනමිණ

කදුළු මැද කිලිනොච්චියට සමුදුන් කර්නල් රත්නප්‍රිය

'' වරෙක ඔහු සැබෑ ආරක්ෂකයෙකි, තවත් වරෙක ඔහු සියසින් දුටු මිහිපිට දෙවියන්ය ''

''මිනිසුන් සංහිදියාව නමින් ඉල්ලන්නේ යුක්තිය, සාධාරණත්වයි. එය ලබා දෙන්නේ කවුද ? 
මින්සුන්ගේ හදවත් හි ඒ මිනිසා සදාකාලිකවම ජීවත් වන්නේය''

යාපනය කිලිනොච්චි මුලතිව් අණදෙන නිලධාරී කර්නල් රත්නප්‍රිය බන්දු කිළිනොච්චිය ඉරණමඩු  සිවිල් ආරක්ෂක බළකා ප්‍රධාන මූලස්ථානයේ සිට අඹේපුස්ස යුධ හමුදා කඳවුරට ස්ථාන මාරු ලැබ පිටත්ව යන මොහොතේ පුණරුත්තාපනය වූ එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජික සාමාජිකාවන් හැඬූ කඳුළින් සමුදීමේ සංවේදී අවස්ථාවක් ඊයේ දැක ගැනීමට හැකිවිණි.

කිලිනොච්චිය විශ්වමඩු හි පිහිටි ප්‍රධාන මූලස්ථානයට ප්‍රදේශවාසීන් මෙන්ම අති විශාල ජනතාවක් පැමිණ කර්නල් රත්නප්‍රිය බන්දු බදාගෙන හඬා වැටෙන ආකාරයත් කිහිපදෙනෙකු ක්ලාන්තය දා වැටෙන ආකාරයත් දැක ගැනීමට හැකියාව ලැබිණි.

අණදෙන නිලධාරී කර්නල් රත්නප්‍රිය බන්දු මෙම ප්‍රදේශයට ලබාදෙන්නැයි ඔවුහු කෑකෝ ගසමින් කියන්නට වීම විශේෂත්වයකි.

මේ සැබෑ ආදරණියයන්ගේ වෙන්වීම සනිටුහන් කල හෝරාව පිළිබදව කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකොන්ගේ සිය මුහුණු පොතේ තැබූ සටහනයි.

සවස 4.30 යි. කර්නල් රත්නප්‍රිය බන්දු තවමත් කිලිනොච්චියේ මිනිසුන්ගේ ආදරය විසින් රදවා සිටී

කර්නල් රත්නප්‍රිය බන්දු තවමත් කිලිනොච්චියේ මිනිසුන්ට සමුදිය නොහැකිව සිරවී සිටී. මේ ඔහුට කිලිනොච්චි නගරයේ මිනිසුන් සමුදෙන ආකාරයයි. මාගේ මිතුරෙකු දුරකතනය හරහා කිලිනොච්චි වැසියන් කියන දේ අසා සිටියෙමි. ඇදහිය නොහැකිය. තමන්ගේ දරුවාට ත් වඩා බන්දුට ආදරය කරන අම්මලා කිලිනොච්චියේ සිටී.

‘අවි රහිත‘ රාජකාරි සංකල්පයක් තමා විසින්ම සාදාගෙන, වසර 6 කට ආසන්න කාලයක් රත්නප්‍රිය බන්දු කිලිනොච්චියේ සේවය කළේය. යාපනය, කිලිනොච්චිය, විශ්වමඩු සිවිල් ආරක්ෂක බලකායේ ‘සීඕ‘ බන්දුය. විශ්වමඩු හා කිලිනොච්චි මිනිසුන් කියන කථා ඇදහිය නොහැකිය. අම්මලාට-පියවරුන්ට ඔහු තමාගේ දරුවෙකි. ආබාධිත එල්ටීටීඊ සෙබළ සෙබළියන්ට ඔහු සහෝදරයෙකි.

මිනිසුන්ගේ ආදරය ලැබීම තරම් සුන්දර වූ දෙයක් මිහිමත තවත් නැත. විශේෂ බලකායේ සෙනෙවියෙකුට, සිවිල් ආරක්ෂක බලකායේ ‘නන්දිමිත්‍රි බලඇණියේ නිර්මාතෘවරයාට එල්ටීටීඊ හදවත වන් විශ්වමඩු හී මිනිසුන්ගෙන් මෙවැනි ආදරයක් ලැබීම බොහෝ මිනිසුන්ට තේරෙන්නේ නැත. මිනිසුන් සංහිදියාව නමින් ඉල්ලන්නේ යුක්තිය, සාධාරණත්වයි. එය ලබා දෙන්නේ කවුද? මින්සුන්ගේ හදවත් හි ඒ මිනිසා සදාකාලිකවම ජීවත් වන්නේය.

මේ දැන් කිලිනොච්චියේ හඩා වැලපෙමින් සිහිසුන්ව වැටෙන මිනිසුන් අතර සිටි තවමත් අතරමංව සිටින කර්නල් රත්නප්‍රිය ය. ඡායාරූප දඹුල්ල කාංචන විසිනි.

කීර්ති තෙන්නකෝන්


නව අදහස දක්වන්න

Or log in with...