සෝමවීර සේනානායකයාණෙනි, සුභ ගමන් - VIDEO | දිනමිණ

සෝමවීර සේනානායකයාණෙනි, සුභ ගමන් - VIDEO

ප්‍රවීන ලේඛක, ටෙලිනාට්‍ය සහ චිත්‍රපට තිර පිටපත් රචක සහ ජනමාධ්‍යවේදී සෝමවීර සේනානායකයාණෙනි, ඔබට දිනමිණ අන්තර්ජාල ප්‍රකාශනයේ සංවේගය...

මේ ඔබ වෙනුවෙන් සිදු කෙරෙන උපහාරයයි.

ඔබට සුභ ගමන්......

සෝමවීර සේනානායකයන් සන්ධ්‍යාවේ සමුගනියි - UPDATE

අභාවප්‍රාප්ත ප්‍රවීණ තිර රචකයෙකු, නවකතාකරුවෙකු හා මාධ්‍යවේදියෙකු වූ සෝමවීර සේනානායකගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරෙයි.

ඔහුගේ දේහය මේ වන විට මහරගම, ඇඹිල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස 06.00 ට මහරගම, ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී සෝමවීර සේනානායක පසුගිය සෙනසුරාදා අභාවප්‍රාප්ත වූ අතර මිය යන විට ඔහු 74 වන වියේ පසු විය.

රූපවාහිනී ප්‍රෙක්ෂකයන් අතර මහත් ජනප්‍රියත්වයට පත් යශෝරාවය, දූ දරුවෝ, මැණික් නදිය ගලා බසී ඇතුළු ටෙලිනාට්‍ය රැසක පිටපත් රචනය කරන ලද්දේ සෝමවීර සේනානායක විසිනි.


නව අදහස දක්වන්න

Or log in with...