ඇන්කර් නිව්ඩේල් මැන්ගෝ බ්ලාස්ට් දියත් කෙරේ | දිනමිණ

ඇන්කර් නිව්ඩේල් මැන්ගෝ බ්ලාස්ට් දියත් කෙරේ

*පැණි රසකාරක නොමැතිව, අඩු සීනි ප්‍රතිශතයක් සමගින් අපූරු රසයක්
*ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය නංවාලමින් නව නිෂ්පාදන හඳුන්වා දීම සඳහා දරන උත්සාහයේ තවත් පියවරක්

‘ඇන්කර් නිව්ඬේල් මැන්ගෝ බ්ලාස්ට්’ නමින් අඹ රසැති යෝගට් සහ කිරි වෙළඳපොළට හඳුන්වා දීමට, ඇන්කර් සන්නාමය හිමි ෆොන්ටෙරා බ්‍රෑන්ඞ්ස් ශ්‍රී ලංකා සමාගම පසුගියදා කටයුතු කළේ ය. ශ්‍රී ලාංකිකයන් වෙත නැවුම් කිරිවල යහගුණය සමීප කරවමින් දේශීය කිරි කර්මාන්තය නංවාලීමේ උත්සාහයේ තවත් එක පියවරක් ලෙස මෙය හැඳින්විය හැක.

මෙය ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් අතර ජනප්‍රියම රසයකින් යුතුව වෙළඳපොළට පැමිණෙන, කිරි පෝෂණයෙන් පිරි නිෂ්පාදන පෙළක් ලෙස හැඳින්විය හැකි වේ. මෙරට ප්‍රධාන පෙළේ යෝගට් සහ රසකළ කිරි නිෂ්පාදන සන්නාම වල නිෂ්පාදන අතරින් අවම එකතු කළ සීනි මට්ටමක් සහිත කිරි නිෂ්පාදන පෙළ මෙය වීම විශේෂත්වයකි. අඹ රසැති යෝගට් වල සීනි 6% ක ප්‍රතිශතයක් සහ අඹ රසැති කිරි වල සීනි 4% ක ප්‍රතිශතයක් පමණක් අඩංගු වන අතර එම නිෂ්පාදන දෙකටම කිසිදු ආකාරයක පැණිරසකාරක එක්කර නොමැත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ෆොන්ටෙරා බ්‍රෑන්ඞ්ස් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් සේති මහතා මෙසේ පැවසී ය. “ශ්‍රී ලංකාවේ පෝෂණ අවශ්‍යතා සපුරාලන ආකාරයේ නව නිෂ්පාදන නිපදවීම මගින් වඩාත් නිරෝගී හා සතුටින් සපිරි රටක් නිර්මාණය කිරීම අපගේ ඉලක්කයයි. කිරි පෝෂණය සම්බන්ධයෙන් ගත් කල ශ්‍රී ලාංකිකයන් මුල්තැන දෙන්නේ රසයට බව අපගේ පර්යේෂණ වලින් පෙනීගොස් තිබෙනවා. ඒ වගේම දරුවන් නිතර අලුත් රසයන් සහ අලුත් නිෂ්පාදන රස විඳීමට ආශාවෙන් සිටිනවා. ඇන්කර් නිව්ඬේල් මැන්ගෝ බ්ලාස්ට් යනු රසය සහ පෝෂණය යන අවශ්‍යතා දෙකම මනාව සපුරාලන ආකාරයට නිපදවූ නිෂ්පාදනයක් ලෙස හැඳින්වීමට පුළුවන්. ඒ වගේම මෙය දේශීයව නිපදවූ කිරි නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම වැඩිකිරීමේ පියවරක් ලෙසත් පෙන්වා දිය හැකියි.”

ඇන්කර් නිව්ඬේල් මැන්ගෝ බ්ලාස්ට් යනු දේශීයව සපයාගනු ලබන නැවුම් කිරි යොදාගෙන ෆොන්ටෙරා සමාගම නිෂ්පාදනය කරන නැවුම් ආකාරයේ නිෂ්පාදන පෙළක අලුත්ම නිෂ්පාදන වේ. දේශීය කිරි නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම ඉහළ නංවමින්, ෆොන්ටෙරා සමාගම දේශීය ගොවීන්ගෙන් එකතු කරන කිරි ප්‍රමාණය වැඩි කර, දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීමට අත්වැලක් වීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස මෙම වැඩසටහන දියත් කර ඇත. මෙමගින් ෆොන්ටෙරා සමාගම දේශීයව එකතු කරනු ලබන කිරි ප්‍රමාණය වාර්ෂිකව 10% කින් පමණ වැඩිවනු ඇති අපේක්ෂා කෙරේ.

2017 වසරේදී තම ස්ට්‍රෝබෙරි රසකළ නිෂ්පාදන පෙළ නැවත දියත් කිරීමට ෆොන්ටෙරා සමාගම කටයුතු කළ අතර පෙර මාස 3 ට සාපේක්ෂව යෝගට් සඳහා ඇති ඉල්ලුම විශාල වශයෙන් වර්ධනය විය.

එමෙන්ම මෙම වසර මුලදී තම අඩු මේද ඇන්කර් පානීය යෝගට් නිෂ්පාදන වැනිලා සහ මැන්ගෝ පැෂන් යන ජනප්‍රිය රස දෙකෙන් හඳුන්වා දීමටද ෆොන්ටෙරා සමාගම කටයුතු කළේ ය.


නව අදහස දක්වන්න

Or log in with...