පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා සුවිශේෂී ප්‍රතිලාභ | දිනමිණ

පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා සුවිශේෂී ප්‍රතිලාභ

පන්නිපිටිය පෞද්ගලික රෝහල දිවයිනේ ප්‍රමුඛ පෙළේ බැංකු සමග අත්වැල් බැඳ ගනිමින් සුවිශේෂී පහසුකම් රැසක් හඳුන්වා දී තිබේ. ඒ අනුව ක්‍රෙඩිට් කාඩ් පත් මගින් පොලී රහිතව රෝහල් බිල ගෙවීමේ පහසුකම ඇතුළු තවත් වරප්‍රසාද රැසක් දැන් රෝගීන්ට සලසා ඇත.

මෙහි මූලික අදියර ලෙස ලංකා බැංකුව සහ පෑන් ඒෂියා බැංකුවේ ක්‍රෙඩිට් කාඞ් පත් හිමියන්ට රෝහල් බිල මාස 36 ක් තුළ පොලී රහිතව ගෙවීමේ පහසුකම දැනටමත් හඳුන්වා දී ඇත. මීට අමතරව එම ක්‍රෙඩිට් කාඩ් පත් මගින් කරන ගෙවීම් සඳහා පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් වසර පුරා සුවිශේෂී වට්ටම්ද පිරිනැමේ. අනෙකුත් බැංකු ක්‍රෙඩිට් කාඩ් පත් සඳහාද මෙම පහසුකම් කඩිනමින් හඳුන්වා දීමට පන්නිපිටිය පෞද්ගලික රෝහල මේ වනවිටත් කටයුතු යොදා තිබේ.

“පන්නිපිටිය පෞද්ගලික රෝහල ලාභයම අරමුණු කරගත් රෝහලක් නොවෙයි. එමනිසා අනෙකුත් පෞද්ගලික රෝහල්වලට සාපේක්ෂව ඉතා සාධාරණ පිරිවැයකට ඉහළ ගුණාත්මක බවකින් යුතු සේවාවක් අත්විඳීමේ අවස්ථාව අප රෝහල වෙත පැමිණෙන රෝගීන්ට හිමිවෙනවා. ඕනෑම අයකුට දරාගත හැකි මුදලකට ප්‍රතිකාර ලබාගැනීමට සහ වෛද්‍ය පරීක්ෂණ කරගැනීමේ පහසුකම් සැලසීම උදෙසා අප රෝහල රෝගීන් වෙත සහන රැසක් හඳුන්වා දී තිබෙනවා. එහි තවත් එක් පියවරක් ලෙසයි ප්‍රමුඛ පෙළේ බැංකු සමග අත්වැල් බැඳ ගනිමින් ක්‍රෙඩිට් කාඩ් පත් මගින් කරන ගෙවීම් සඳහා පොලී රහිතව රෝහල් බිල ගෙවීමේ පහසුකම ඇතුළු තවත් වරප්‍රසාද රැසක් හඳුන්වා දෙනු ලැබුවේ” යනුවෙන් පන්නිපිටිය පෞද්ගලික රෝහලේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි මහතා පැවැසීය. මෙම නවතම පහසුකම් ඇතුළුව ඕනෑම තොරතුරක් විමසීම සඳහා 0112840065 සහ 0115942000 යන දුරකථන අංක විවෘත කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෑතකදී හඳුන්වා දෙන ලද “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යටතේ ඇති සියලුම ප්‍රතිලාභ සිසු දරු දැරියන් වෙත තිළිණ කිරීමටද පන්නිපිටිය පෞද්ගලික රෝහල කටයුතු සූදානම් කර තිබේ. මීට අමතරව, සියලුම රාජ්‍ය සේවකයන්ට අග්‍රහාර රක්ෂණය යටතේ හිමි විශේෂ වරප්‍රසාද ලබාදීමටද රෝහල කටයුතු යොදා තිබේ.

පෞද්ගලික රෝහල නවීන ප්‍රතිකාර, වෛද්‍ය පරීක්ෂණ සහ අධි තාක්ෂණික පහසුකම් රැසක්ද අලුතින් හඳුන්වා දී ඇත. රුධිර කාන්දු පෙරණ ක්‍රියාදාම ඒකකයක්ද :ෘස්කහිසි ඹබසඑ* මෑතකදී ස්ථාපිත කළ අතර, විශේෂඥ වෛද්‍යවරු සහ දක්ෂ, පළපුරුදු හෙද කාර්ය මණ්ඩලයක සත්කාරය යටතේ සහනදායී මිලකට එම ප්‍රතිකාර ලබාගත හැකිය.

අදහස් 1ක් ඇත

Dear We are Millennium Finance Limited. We operate a Trust Fund from private investors for the grant of international loans to fund any viable development projects that is capable of generating annual Return on Investment. You can rely on our expertise. Millennium Finance can arrange a solution for any qualified applicant if you are in search for funding support, or instruments to enhance financial transactions. We are able to provide an immediate solution for any valid financial requirement. We offer funding in form of direct loan at a low interest rate of 2.10% to 3.10% per annum. If you are interested in partnering with our group, kindly send us your executive summary/business plan for my investment Team review. It is optional but we may sign a Non-Disclosure agreement for our protection. Best Regards Mr. Steve. [email protected] [email protected] Mfil.millennium.finance.limited

නව අදහස දක්වන්න