'කොටපිය කොටපිය කියලා කිව්ව නිසා තුන් වතාවක්ම ඔළුවට කෙටුවා’ | දිනමිණ

'කොටපිය කොටපිය කියලා කිව්ව නිසා තුන් වතාවක්ම ඔළුවට කෙටුවා’

'කොටපිය කොටපිය කියලා කිව්ව නිසා තුන් වතාවක්ම ඔළුවට කෙටුවා’
 
අඹු සැමි ආරවුල් ළිපේ බත ඉදෙනකල් විතරයි යැයි පැරණි කියමනක් ඇත. එහි යටි අරුත නම් අඹු සැමි ආරවුල් මොහොතකින් නිමා වී යළි ඔවුන් සතුටින් සමගියෙන් සිටින බවය. එවන් කාලයක් ඇත්තෙන්ම තිබිණි. ඒත් අද ඒ තත්ත්වය බොහෝ වෙනස් වී ඇත. අද අඹු සැමි ආරවුලක් නිමාවෙන්නේ බොහෝ විට පහරදීමකින් නැත්තම් ඝාතනයකින්ය. ඊට හේතු බොහෝය.
 
බීමත්කම, නූගත්කම,දරිද්‍රතාවය, අනියම් ඇසුර වගේම සැකය වැනි හේතු ද මෙවන් ඝාතනවලට බෙහෙවින් බලපා ඇත. මෙය ද එවැන්නකි. සිද්ධිය වාර්තා වනුයේ දවුලුගල පොලිස් වසමෙනි. ගමට පොලිසියේ සංකල්පය යටතේ ගම්වැසියන් ගේ අවශ්‍යතා ඉටු කිරීමේ අරමුණින් දවුලුගල පොලිසිය මගින් සංවිධානය කරන ලද පොලිස් මුරපොළක් පසුගිය දා හඳපාන ගමේ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පවත්වාගෙන යමින් තිබිණි. මුරපළ බාරව කටයුතු කළේ උපපොලිස් පරීක්ෂක හරිශ්චන්ද්‍රය. වේලාව දහවල් දොළහට පමණ ඇත. ගමේ පිරිස් පොලිස් ජංගම මුරපළට පැමිණ තම අවශ්‍යතා ඉටුකර ගනිමින් සිටියහ. රැස්ව සිටි පිරිස අතරින් මතුවූ උඩුකය නිරුවත් අයකු එකවරම පොලිස් මුරපළට ඇතුළු වුයේ තියුණු පිහියක් ද අතැතිවය. ඔහු කෙළින්ම ගියේ උප පොලිස් පරීක්ෂකවරයා වෙතටය. “ඇයි මොකද ?”
 
උපපොලිස් පරික්ෂකවරයා විමසුවේය. අත තිබු පිහිය මේසය මත තැබු ඔහු දෑත් එක්කොට පොලිස් නිලධාරියාට වැන්දේය. “අනේ බුදු සර් මම මගේ ගෑනිට කෙටුවා. සමහරවිට මැරෙන්න ඇති. මම පොලිසියට බාර වෙන්නයි මම ආවේ.” ඔහුගේ ප්‍රකාශයත් සමඟ උප පරීක්ෂකවරයා ඇසි පිය නොගගා ඔහු දෙස බලා සිටියේය. “මොකක්ද කිව්වේ තමුන්...” “ඔව් සර්. මම ගෑනිට කෙටුවා. ගෑනි ගේ ළඟ වැටිලා ඇති.” “ඇයි මොකද ඒ...” “අනේ සර් ගොඩාක් ප්‍රශ්න අහන්න එපා. මාව ඉක්මනට පොලිසියට එක්කරගෙන යන්න.” පැමිණි පුද්ගලයා උපපොලිස් පරීක්ෂකවරයා හමුවේ කියා සිටියේය. උප පරීක්ෂකවරයා වහා මේ බව සිය ප්‍රධානියා වූ දවුලුගල පොලිස් ස්ථානාධිපතිවරයාට දන්වා සිටියේය. ඒ අනුව ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් වහා පිළිමතලාව හලාදිවල ප්‍රදේශයේ පිහිටි එම පුද්ගලයාගේ නිවෙසට ගියේය.
 
දවුලුගල පොලිසියේ සිට හැවාලකඩ නගරයට ගිය පසු හමුවන ඇම්බැක්ක හරහා ඇති පොල්වත්ත තැන්න පාරේ මද දුරක් ගොස් ඈපාන සිට කිලෝමීටර හයක් විතර ගිය තැන ඈපාන හලාදිවල විහාරයට හැරෙන හන්දියට ආසන්නව කන්ද උඩ සැකකරුගේ නිවෙස පිහිටා ඇත. ඊට යාබදව ඇති හලාදිවල පන්සලට හැරෙන හංදියේ මියගිය කාන්තාවගේ මහගෙදර පිහිටියේය. නිවෙසට යන අතරතුර නිලධාරීන්ට ඉදිරියෙන් එන ත්‍රිරෝද රියක් මුණ ගැසිණි. එහි වුයේ තුවාලකාරියකි. විමසීමේදී දැන ගන්නට ලැබුණේ පොලිස් මුරපළට පැමිණි පුද්ගලයා පිහියෙන් කොටා ඇත්තේ ඇයට බවය. සිද්ධිය වූ නිවෙස ඉදිරිපිට විශාල ලෙස රුධිරය ගලා ගොසිනි. අහල පහළ දෙතුන් දෙනා ඒ වන විටත් ඒ නිවෙස අසලට පැමිණ හිටියහ. එතැනට ගිය නිලධාරීන් ඔවුන්ගෙන් කරුණු විමසන්නට විය.
 
“සර් මේ දෙන්නා නිතරම රණ්ඩු වෙනවා. අදත් ඔය රණ්ඩු වෙලා තමයි කොටලා තියෙන්නේ.” අසල්වාසීහු කීහ. තොරතුරු සටහන් කරගත් නිලධාරීන් ඊළඟට ගියේ රෝහලටය. එහෙත් ඒ අතරතුර ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු දුරකථන පණිවිඩයකින් කියැවුණේ රෝහලට ඇතුළත් කළ තුවාල ලත් තැනැත්තිය මිය ගිය බවය. ඒ අනුව ඉදිරි විමර්ශන ඇරඹුණේ මිනී මැරුමක් ලෙසය. සැකකරු පොලිස් මුරපළේ සිට දවුලුගල පොලිසිය වෙත රැගෙන ගියේ දැඩි රැකවරණ මධ්‍යයේ ය. ඊට හේතු වුයේ සැකකරුට බිරියගේ පාර්ශ්වයෙන් කිසියම් තර්ජනයක් එල්ල වනු ඇතැයි සැකයක් තිබු නිසාය. සිදුවීම සහකාර පොලිස් අධිකාරීවරයා වෙත දැනුම් දෙනු ලැබු අතර මහනුවර අධිකරණයට ද කරුණු වාර්තා කරන ලදි. ඒ අනුව මහේස්ත්‍රාත් පරීක්ෂණය වැඩ බලන මහේස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා විසින් සිදුකරන ලදි.
 
ඔහුගේ නියෝගය මත පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එන්.ඒ.එස්. බී. විජේසිංහ මහතා විසින් සිදු කළේය. මරා දැමුණු ඇය සේවාවිස්ස විද්‍යා ආරච්චිලාගේ පි‍්‍රතිකා යමුනා විදානආරච්චි නැමැති තිස් හැවිරිදි කාන්තාවකි. දරු තිදෙනකුගේ මවකි. ඇය ඝාතනය කිරීමේ වරදට පොලිසියට පැමිණ බාර වී අත්අඩංගුවට පත්වුයේ ඇගේ සැමියා වන ගාමිණි නමැත්තෙකි. පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ඇරඹි අතර එහිදී අනාවරණය වුයේ සිද්ධිය ඇසින් දුටු දෙදෙනකු ද ඒ මොහොතේ නිවසේ සිටි බවය. ඒ ඇගේ දරු දෙදෙනාය. ඉන් එක් දරුවකු ගේ වයස අවුරුදු හතකි. ඔහු දෙවෙනි වසරේ ඉගෙනුම ලබයි. අනෙක් දරුවා සිඟිත්තෙකි. ඔහුට වසර දෙකකි. මවුව්පියන්ගේ අඩදබරය සිදු වන මොහොතේ සිඟිත්තා නිවසේ ඇඳක් මත නිදාගෙන සිට ඇත.
 
ඒත් මවගේ ළතෝනිය ඇසී ඔහු ද නින්දෙන් අවදි වී මහ හඬින් හඬන්නට විය. එහෙත් ඔහුට යමක් කියන්නට තේරුම් කරදෙන්නට අපහසුය. ඒ ඔහු තවමත් වසර දෙකක දරුවකු නිසාය. ඒ නිසා පොලිසියේ ඇස යොමු වුයේ ඇගේ දෙවෙනි දරුවා දෙසටය. ඔහු හත් හැවිරිදි නිසා යමක් කමක් තේරුම් ඇති අයෙකි. “එදා උදේ අම්මා මාව ඉස්කෝලේට ඇරලුවා. දවල් මම ඉස්කෝලේ ගිහින් ඇවිත් බස් එකෙන් බහින කොටම අම්මා ඇවිත් හිටියා. අපි ගෙදර ගියා. මම පොත් බෑග් එක ගලවලා මේස උඩ තියලා බෑග් එකේ තිබුණු බයිට් පැකට් එක කන්න ගත්තා. එතකොට මල්ලී ඇඳේ නිදාගෙන හිටියේ. ඒ වේලාවේ තාත්තා අම්මට ආච්චිගේ ගෙදර යන්න එපා කියලා රණ්ඩු වුණා. ඒ රණ්ඩුව මැද්දේ තාත්තා ඇඳයට තිබුණා පිහිය ඇදලා අරගෙන අම්මගේ අතට පිහියෙන් කෙටුවා. ඔළුව පැත්තට තුන් පාරක් කෙටුවා.
 
අම්මා හයියෙන් කෑගැව්වා කොටන්න එපා කියලා. අම්මා කෑ ගහන සද්දෙට මල්ලිත් ඇහැරිලා හයියෙන් ඇඬුවා. මමත් හයියෙන් කෑගැව්වා අම්මට ගහන්න එපා කියලා.” හත් හැවිරිදි ශ්‍රී මාල් පුතු එසේ සිය ඇසින් දුටු දේ පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේ විස්තර කරන්නට විය. එය ප්‍රබල සාක්ෂියක් බව ස්ථානාධිපතිවරයාට වැටහිණි. ඒ නිසා පුංචි ශ්‍රී මාල් බියට පත්නොකොට පියෙකුසේ ඔහුගෙන් දුටු දේ දැනගැනීමට ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.
 
“ඉතින් පුතේ ඊට පස්සේ මොකද වුණේ ?” ස්ථානාධිපතිවරයා ශ්‍රී මාල්ගෙන් විමසුවේ ඔහුගේ හිස අතගාමින්ය. “ඒත් එක්කම අම්මා වැටුණා. පස්සේ මම අම්මා ළඟට ගිහින් “අම්මේ අම්මේ ඇස් අරින්න අම්මේ” කියලා කතා කළා. ඒත් අම්මා කතා කළේ නැහැ. ඇස් බාගෙට ඇරගෙන හිටියා. පස්සේ මම කෑගහගෙන එළියට දිව්වා.” ලේ පෙරාගෙන මව වැටි සිටිනු දුටු පුංචි ශ්‍රී මාල් මහත් බියට පත්ව එළියට දිවගියේ ඊට පහළින් ඇති මහගෙදර සිටින සිය නුවන්ත අයියාට ඒ බව කියන්නටය. “අයියෙ... තාත්තා අම්මට...”
 
ඔහු හති දමමින් වුදේ හෙළි කරන්නට විය. ඒ සැණින් ශ්‍රී මාල් ගේ වැඩිමහල් සොහොයුරු නුවන්ත වහා මවගේ නිවෙසට දිව ගියේය. ඒ වන විටත් ඇය නිසොල්මනව ලේ විල මැද වැටි සිටියාය. මව වැටි සිටි අයුරු දුටු ලොකු පුතාට මහත් වේදනාවක් ඇතිවිය. ඔහු වහා සිය මව ව තම තුරුළට හොවා ගත්තේය. මවද දොතින් ගෙන ඔහු උඩහ සිට පහළට දිව ආවේය. ඒ සමඟ ඔහුගේ මාමා ද එතැනට පැමිණියේය. ඔවුහූ තුවාල ලත් පි‍්‍රතිකා රෝහලට රැගෙන ගියහ. “අම්මේ.... අම්මේ...” ත්‍රිවිලරයේ යන අතරතුර ද ලොකු පුතා බාගෙට දෙනෙත් වසාගෙන රුධිරයෙන් නැහැවි සිටින සිය මවට කතා කළේය. ඒත් මවගේ මුවින් කිසිවක් පිට නොවිය. ඒත් ඔහු උත්සාහය නතර කළේ නැත. “අම්මේ... අම්මේ කතා කරන්න කෝ අම්මේ..”
 
ඔහුගේ වචනය ඇසි දෝ මඳක් දෙනෙත් විවර කරන්නට උත්සාහ කළ පී‍්‍රතිකා ගේ හිස මොහොතකින් ලොකු පුතාගේ දෝත මතම පැත්තකට කඩා වැටිණි. “අම්මේ... අම්මේ... අම්මේ...” පි‍්‍රතිකා රැගත් ත්‍රිවිලරය රෝහලට ඇතුළත් කළ අතර වෛද්‍යවරුන් තුවාල ලත් ඇය පරීක්ෂා කොට බලා බාගෙට විවර වී තිබු දෙනෙත් සම්පුර්ණයෙන් වසා දැමුවේ පි‍්‍රතිකා මිය ගොස් ඇති බව සනිටුහන් කරගෙනය. පි‍්‍රතිකා රෝහලට රැගෙන ගිය ඇගේ වැඩිමහල් පුතාගෙන් ද ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසිය තීරණය කළේය. පි‍්‍රතිකා හා ඇගේ සැමියා අතර ඇති වන ආරවුල් නිසා ලොකු පුතා මවුපියන්ගෙන් වෙන් වී මවගේ මහගෙදර ජීවත්වෙයි. එම නිවසේ පිහිටියේ ඔවුන්ගේ ගෙදරට පහළිනී. පි‍්‍රතිකාගේ නිවස පිහිටියේ කන්ද උඩය. පි‍්‍රතිකා එහි සිය සැමියා හා හත් හැවිරිදි හා තුන් හැවිරිදි දරුවන් සමඟ ජිවත් වුවාය.
 
ලොකු පුතාගේ වයස අවුරුදු දහනවයකි. ගෙදර ඇති වන ආරවුල් නිසා ඔහු ද මහගෙදර රැඳුණේ පියා සමඟ තරහිනි. ඒ සිය පියා නිතරම බීමත්ව පැමිණි මවට මෙන්ම ඔහුට ද පහර දෙන නිසාය. සමහර දාට පියා පැමිණ තමාත් මවත් මරන බවට තර්ජනය කරන බවද ඔහු පොලිසිය හමුවේ කියා සිටියේය. “මම පිළිමතලාව ඉස්කෝලයට යන්නේ. කලා අංශයෙන් තමයි අධ්‍යාපනය හදාරන්නේ. ලොකු මල්ලි දෙවෙනි වසරේ ඉගෙනුම ලබන්නේ පොඩි මල්ලි ගෙදරට වෙලා ඉන්නේ. මගේ අම්මයි තාත්තයි නිතරම වගේ ගෙදර ආරවුල් ඇති කර ගන්නවා. ඒ නිසා අම්මට ගහලා තුවාල වෙලා පොලිසියටත් කිහිප වතාවක්ම ගිහින් තියෙනවා.”
 
“ඉතින් පුතේ ඊට පස්සේ මොකද වුණේ ?” ස්ථානාධිපතිවරයා ශ්‍රී මාල්ගෙන් විමසුවේ ඔහුගේ හිස අතගාමින්ය. “ඒත් එක්කම අම්මා වැටුණා. පස්සේ මම අම්මා ළඟට ගිහින් “අම්මේ අම්මේ ඇස් අරින්න අම්මේ” කියලා කතා කළා. ඒත් අම්මා කතා කළේ නැහැ. ඇස් බාගෙට ඇරගෙන හිටියා. පස්සේ මම කෑගහගෙන එළියට දිව්වා.” ලේ පෙරාගෙන මව වැටි සිටිනු දුටු පුංචි ශ්‍රී මාල් මහත් බියට පත්ව එළියට දිවගියේ ඊට පහළින් ඇති මහගෙදර සිටින සිය නුවන්ත අයියාට ඒ බව කියන්නටය. “අයියෙ... තාත්තා අම්මට...” ඔහු හති දමමින් වුදේ හෙළි කරන්නට විය. ඒ සැණින් ශ්‍රී මාල් ගේ වැඩිමහල් සොහොයුරු නුවන්ත වහා මවගේ නිවෙසට දිව ගියේය. ඒ වන විටත් ඇය නිසොල්මනව ලේ විල මැද වැටි සිටියාය. මව වැටි සිටි අයුරු දුටු ලොකු පුතාට මහත් වේදනාවක් ඇතිවිය. ඔහු වහා සිය මව ව තම තුරුළට හොවා ගත්තේය. මවද දොතින් ගෙන ඔහු උඩහ සිට පහළට දිව ආවේය. ඒ සමඟ ඔහුගේ මාමා ද එතැනට පැමිණියේය. ඔවුහූ තුවාල ලත් පි‍්‍රතිකා රෝහලට රැගෙන ගියහ.
 
“අම්මේ.... අම්මේ...” ත්‍රිවිලරයේ යන අතරතුර ද ලොකු පුතා බාගෙට දෙනෙත් වසාගෙන රුධිරයෙන් නැහැවි සිටින සිය මවට කතා කළේය. ඒත් මවගේ මුවින් කිසිවක් පිට නොවිය. ඒත් ඔහු උත්සාහය නතර කළේ නැත. “අම්මේ... අම්මේ කතා කරන්න කෝ අම්මේ..” ඔහුගේ වචනය ඇසි දෝ මඳක් දෙනෙත් විවර කරන්නට උත්සාහ කළ පී‍්‍රතිකා ගේ හිස මොහොතකින් ලොකු පුතාගේ දෝත මතම පැත්තකට කඩා වැටිණි. “අම්මේ... අම්මේ... අම්මේ...” පි‍්‍රතිකා රැගත් ත්‍රිවිලරය රෝහලට ඇතුළත් කළ අතර වෛද්‍යවරුන් තුවාල ලත් ඇය පරීක්ෂා කොට බලා බාගෙට විවර වී තිබු දෙනෙත් සම්පුර්ණයෙන් වසා දැමුවේ පි‍්‍රතිකා මිය ගොස් ඇති බව සනිටුහන් කරගෙනය. පි‍්‍රතිකා රෝහලට රැගෙන ගිය ඇගේ වැඩිමහල් පුතාගෙන් ද ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසිය තීරණය කළේය.
 
පි‍්‍රතිකා හා ඇගේ සැමියා අතර ඇති වන ආරවුල් නිසා ලොකු පුතා මවුපියන්ගෙන් වෙන් වී මවගේ මහගෙදර ජීවත්වෙයි. එම නිවසේ පිහිටියේ ඔවුන්ගේ ගෙදරට පහළිනී. පි‍්‍රතිකාගේ නිවස පිහිටියේ කන්ද උඩය. පි‍්‍රතිකා එහි සිය සැමියා හා හත් හැවිරිදි හා තුන් හැවිරිදි දරුවන් සමඟ ් ජිවත් වුවාය. ලොකු පුතාගේ වයස අවුරුදු දහනවයකි. ගෙදර ඇති වන ආරවුල් නිසා ඔහු ද මහගෙදර රැඳුණේ පියා සමඟ තරහිනි. ඒ සිය පියා නිතරම බීමත්ව පැමිණි මවට මෙන්ම ඔහුට ද පහර දෙන නිසාය. සමහර දාට පියා පැමිණ තමාත් මවත් මරන බවට තර්ජනය කරන බවද ඔහු පොලිසිය හමුවේ කියා සිටියේය. “මම පිළිමතලාව ඉස්කෝලයට යන්නේ. කලා අංශයෙන් තමයි අධ්‍යාපනය හදාරන්නේ. ලොකු මල්ලි දෙවෙනි වසරේ ඉගෙනුම ලබන්නේ පොඩි මල්ලි ගෙදරට වෙලා ඉන්නේ. මගේ අම්මයි තාත්තයි නිතරම වගේ ගෙදර ආරවුල් ඇති කර ගන්නවා. ඒ නිසා අම්මට ගහලා තුවාල වෙලා පොලිසියටත් කිහිප වතාවක්ම ගිහින් තියෙනවා.”
 
පොලිසිය මේ සම්බන්ධයෙන් සැකකාර ගාමිණිගෙන් ද ප්‍රශ්න කරන්නට විය. ඔහු පොලිසිය හමුවේ මෙසේ ප්‍රකාශ කළේය. “මම වරද පිළිගන්නවා සර්..” ඔහු මුලින්ම කීවේය. “ඒත් මම මෙයා මරන්නම කියලා මෙහෙම දෙයක් කළේ නැහැ.” “හරි දැන් ඉතින් වැඩේ වෙලා ඉවරයිනේ. ඇයි තමන් පවුලව මැරුවේ. දැන් බලනවා ළමයි ඔක්කොම අනාථයි නේ.” පොලිස් නිලධාරියා ප්‍රකාශය සටහන් කරගන්නට කලින් ඔහුට කීවේය. ඔහු කිසිවක් නොදොඩා බිම බලාගෙන සිටියේය. “මගේ බිරිඳ පි‍්‍ර‍තිකායි මගේ දෙවෙනි පුතා ශ්‍රී මාලුයි අවුරුදු තුනක් විතර පොඩි පුතත් එක්ක තමයි මම මේ ගෙදර ඉන්නේ. මම විවාහ වුණේ 1996 දී. මගේ වැඩිමහල් පුතාට වයස අවුරුදු 19ක්. එයා මාත් එක්ක අමනාප වෙලා අවුරුදු එකහමාරක් විතර ගෑනිගේ අම්මගේ ගෙදර ජීවත් වෙන්නේ.“ “දවසක් අපි අතර ආරවුලක් ඇති වුණා. ඒකට පොලිසි ගියා. අන්තිමට මට ඇප දුන්නා. මම ගෙදර ගියාට පස්සේ ලොකු පුතා මට ෆෝන් කරලා බැන්නා. ඉන් පස්සේ අපි දෙන්නා අතර තරහ වැඩි වුණා. “ “සිද්ධිය වුණු දවසේ මොකක්ද වුණේ ? ” කට උත්තරය ලියාගාන්නා නිලධාරියා ගාමිණිගෙන් ඇසුවේය. “එදා මාත් ගෑනිත් ගෙදර හිටියේ. පොඩි පුතා ඉස්කෝලේ ගිහින් හිටියේ. දවල් දොළහට විතර දෙවෙනි පුතා ඉස්කෝලේ ඇරිලා වෑන් එකේ එන නිසා ගෑනි පුතා ගිහින් පුතාව අරගෙන ආවා.
 
මමත් චුටි පුතාත් ගෙදර හිටියේ. “ “මම හිටියේ ඇඳට වෙලා. පොඩි පුතා ඇඳේ නිදාගෙන හිටියේ. දෙවෙනි පුතා කියනවා ඇහුණා හෙට ඉස්කෝලේ රැස්වීමකට එන්න කියලා ලියුමක් දුන්නා. ඒ ලියුම නැහැ කියලා. මම කිව්වා එතකොට කිව්වා ලියුම නැති නිසා ඉස්කෝලේ යන්න ඕන නැහැ කියලා. එතකොට ගෑනි කිව්වා පි‍්‍රන්සිපල් හම්බ වෙන්නත් ඕන නිසා කොහොම හරි යන්න ඕන කියලා. මම කිව්වා ඕන නැහැ කියලා. ඒත් ගෑනි මට කිව්වා මම යනවා කියලා. එහෙම කියලා එයා මහගෙදරට යන්න සුදානම් වුණා. මම කිව්වා මහගෙදරට යන්න එපා කියලා. එතකොට දෙවෙනි පුතා අපේ ළඟ හිටියේ. ගෑනි පොඩි පුතාගේ කකුල් දෙකෙන් ඇඳලා එයාවත් ගෙනියන්න හැදුවා.“ “මම කිව්වා යන්න එපා කියලා. ආයෙත් එයා පොඩි පුතා උස්සලා ගන්න යනකොට මම ගෑනිගේ අතින් ඇදලා අරගෙන ඇඳයට තිබුණ වක්පිහිය අරගත්තා. ඒත් එක්කම ගෑනි කිව්වා. කොටපිය කොටපිය මැරෙන්නම කොටපිය කියලා. මම ගෑනිගේ ඔළුවට කෙටුවා දෙවෙනි පුතා එපා එපා කියලා කෑගහලා මගේ අතින් ඇද්දා පස්සේ පුතා මාව අතහැරලා දිව්වා.” “පිහියෙන් කොටන කොටම ගෑනි බිම වැටුණා ගෑනි එපා එපා කිව්වා. එතකොට මම කොටලා ඉවරයි. පස්සේ මම එළියට පැනලා පහළ තියෙන පුංචි අම්මගේ ගෙදරට ගිහින් කිව්වා මම ගෑනිට කෙටුවා පොඩි කට්ටිය බලාගන්න කියලා.
 
පස්සේ තමයි පිහියත් අරන් පන්සලේ මුරපළට ආවේ.“ “ගෑනි මැරෙයි කියලා මම හිතුවේ නැහැ සර්. කොටපිය කොටපිය කියලා කිහිප වතාවක්ම කියපු නිසායි මම කෙටුවේ.” සැකකරුගේ ප්‍රකාශය සටහන් කරගත් නිලධාරීන් ඔහු රැගෙන ආ තියුණු පිහිය ද අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නඩු භාණ්ඩ ලෙස එක්කර ගත්තේය. එය අඟල් නවයක් දිග තියුණු වක් පිහියකි. ඔහු එම පිහිය පාවිච්චි කර ඇත්තේ වත්තේ ගස්වල අතු කැපීමටත් ගස් කප්පාදු කිරීමටත්ය. වත්තේ වැඩ කටයුතු නිම කිරීමෙන් පසු එම වක් පිහිය ගෙදර ඇඳයට තැබීම ඔහු පුරුද්දක් කරගෙන සිටියේය. සැකකරු හා බිරිය අතර නිතර නිතර ආරවුල් ඇතිවන බවත් ඊට හුඟාක්ම හේතුවී ඇත්තේ බිරිය සැකකරුට නොසැලකීමත් බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දවුලුගල පොලිස් ස්ථානාධිපතිවරයා මාංචුවට කීවේය. “ගෑනු කෙනා මිනිහට හරියට සලකන්නේ නැහැ. උයලා පිහලා එයාට කෑම තියන්නේ නැහැ. ඔන්න ඔය වගේ ප්‍රශ්නත් තියෙනවා. “ “මේ දෙන්නාගේ පැමිණිලි පොලිසියට ඇවිත් ඒවා සමදාන කරලා යවලා තියෙනවා. දෙන්නාගේ ආරවුල් පළාතේ ග්‍රාම නිලධාරියා විසින් විසඳලා තියෙනවා.
 
පවුලේ ඥාතීන් එකතු වෙලා ඒවා සමථයකට පත්කරලත් තියෙනවා. ““මේ දෙන්නගේ වයස අනුව පිරිමියා වයස අවුරුදු 10ක් බිරියට වඩා වැඩිමල් පළමු දරුවා ඉපදුණු දවසේ ඉඳලම ආරවුල් තිබිලා තියෙනවා. නොගැළපීම නිසා දික්කසාද වෙන්න සැකකරු තීරණය කරලා හිටියත් ගෑනු කෙනා ඒකට කැමති වෙලා නැහැ. ඒත් සැකකරු නීතිඥයකු මාර්ගයෙන් දික්කසාද වෙන්න තමයි හිටියේ. නීතිඥවරයා හම්බවෙන්න යන්නත් ඉඳලා තියෙනවා. ඒ අතරේ තමයි මේ මිනී මැරුම සිද්ධ වෙන්නේ” “ලොකු පුතයි තාත්තයි අතර ආරවුලක් තියෙනවා. එක පාරක් හලාදිවල ඉස්කෝලේ උත්සවයක් තියෙන වෙලාවේ ළමයි කට්ටියක් ගංජා බොනවා කියලා ආරංචි වෙලා ඔය මනුස්සයා එතැනට ගිහින් ලොකු දරුවා ගෙදර ගෙනත් තරවටු කරලා තියෙනවා. ඒකට ලොකු පුතා තාත්තා එක්ක තරහෙන් ඉඳලා. තාත්තා පහර දීපු බවට රාවයකුත් තියෙනවා.”
 
“දවසක් ඉස්කෝලේ ට්‍රිප් එකක් යන්න පොඩි පුතාට පාන් ටෝස්ට් කරලා ගේන්න කියලා තියෙනවා. ගෙදර ටෝස්ටරයක් තිබිලා නැහැ. ගෑනු කෙනා මිනිහට කියලා තියෙනවා ටෝස්ටරයක් හොයලා දෙන්න කියලා මිනිහා කියලා තියෙනවා වෙන මොනවහරි හදලා දෙන්න කියලා. ඒත් ගෑනු කෙනා කොහොමහරි ටෝස්ටර් එකක් ගෙනත් පාන් හදලා දීලා. ඒක තමයි ප්‍රබලම හේතුව වෙලා තියෙන්නේ දෙන්නගේ රංඩුවට. ඔය වගේ සිද්ධි ගොඩාක් තියෙනවා. මේ වගේ ඝාතන වෙන්නේ එක්කෝ මිනිහා ගෑනි ගැන සැකයක් ඇති කරගෙන නේ. ඒත් මේ සිද්ධියේ එහෙම දෙයක් දැනගන්නට නැහැ.“ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
අනතුරුව සැකකරු නඩු භාණ්ඩ සමඟ මහනුවර මහෙස්ත්‍රාන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබු අතර මරණ පරීක්ෂණය පසුවට සිදු කිරීමට තීරණය කෙරිණි. අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර මිය ගිය යමුනා පි‍්‍රතිනාගේ අවසන් කටයුතු ඥාති හිතවතුන්ගේ සෝ සුසුම් මැද හලාදිවල දී සිදු කෙරිණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක හා එස්.එම් වික්‍රමසිංහ, මහනුවර කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර, සහකාර පොලිස් අධිකාරී එස්.බී. දියකොලිනවල යන මහත්වරුන්ගේ උපදෙස් දවුලුගල පොලිස් ස්ථානාධිපති ජයම්පත් බණ්ඩාර ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වයි.ජී.සී වල්ගම්පාය ඇතුළු උපපොලිස් පරීක්ෂක හරිශ්චන්ද්‍ර, කොස්තාපල්වරුන් වූ ඉන්දික (32870) රත්නායක (52092) හා කපිල (75291) යන නිලධාරීහු මේ පිළිබඳ පරීක්ෂණ වලට එක්වුහ.
 
පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය
 

නව අදහස දක්වන්න