කර්නල්වරයා ඉදිරියේ හැසිරීම LTTEයට ද්‍රෝහිකමක් | දිනමිණ

කර්නල්වරයා ඉදිරියේ හැසිරීම LTTEයට ද්‍රෝහිකමක්

සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දුගේ වෙන්ව යාමේ අවස්ථාවේ සිදු වූ එම ක්‍රියාව එල්.ටී.ටී.ඊ. සංවිධානයට කළ ද්‍රෝහිකමක් බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිංලිගම් පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ අද යාපනයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ එහි දී තවදුරටත් අදහස් දැක්වූ එම්.කේ. සිවාජිලිංගම්

මෙම අවස්ථාවේදී අපේ ගම්වල ජනතාවගේ හැසිරීම ප්‍රශ්නයක් නෙමෙයි.

ඒ වුණත් හිටපු කොටි සාමාජිකයින් මෙහෙම කරපු එක වැරදියි.

දෙමළ ඊළම ඉල්ලලා එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට කරපු ද්‍රෝහිකමක්.

අදාළ කර්නල්වරයා හොද කෙනෙක් වෙන්න පුළුවන්.

නමුත් ඔහුට එසේ සැලකීම නිසා තවදුරටත් උතුරේ යුද හමුදාව රැදී සිටිය යුතුයි කියන මතය තවදුරටත් මිනිසුන්ගේ ඔළුවලට යනවා.

තිස් වසරක ත්‍රස්ත යුද්ධයකින් පසුව මහ පොළවේ පැළ වූ සැබෑ සංහිඳියාවේ කතාවක් ඊයේ කිලිනොච්චිය විශ්වමඩු ප්‍රදේශයෙන් වාර්තා විය.


නව අදහස දක්වන්න

Or log in with...