ගෝඨාභයට එරෙහි පෙත්සම හෙට කැඳවයි | දිනමිණ

ගෝඨාභයට එරෙහි පෙත්සම හෙට කැඳවයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපල පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන සහතිකය නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම හෙට කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

මෙහිදී විනිසුරුවරුන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාට දන්වා සිටියේ පෙත්සම්කරු සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් හෙට දින අධිකරණය දැනුවත් කරන ලෙසයි.

ඒ අනුව පෙත්සම හෙට දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ කියා සිටින්නේ මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රජයේ මුදල් රුපියල් මිලියන 90 කට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තමන්ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමට සූදානම් වන බවයි.

 

නව අදහස දක්වන්න