ක්‍රීඩාවේ දියුණුවට ජපාන - ශ්‍රී ලංකා ගිවිසුමක් | දිනමිණ

ක්‍රීඩාවේ දියුණුවට ජපාන - ශ්‍රී ලංකා ගිවිසුමක්

ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තෆා මහතා ජපානයේ හෂිමා නගරාධිපති සතෝෂි මැට්සුයි මහතා සමග ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංවර්ධනය සඳහා වූ ද්වීපාර්ශ්වික ගිවිසුමක් පසුගියදා අස්සන් තැබු අවස්ථාව. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇතුළු ජපාන විශේෂ නියෝජිත පිරිසක්ද වෙති.

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ආරාධිත අමුත්තකු ලෙස සහභාගීචූ පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තෆා මහතා ජපානයේ හෂිමා නගරාධිපති සතෝෂි මැට්සුයි මහතා සමග ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංවර්ධනය සඳහා වූ ද්වීපාර්ශ්වික ගිවිසුමකට පසුගියදා අස්සන් තැබීය.

මේ ගිවිසුම තුළින් ‘අපේ ජාතිය අපේ අභිමානයයි’ යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජපානයේ විවිධ ආයතන හා දානපතින්ගේ අනුග්‍රහය යටතේ කැපකරු ක්‍රමයක් ඇති කිරීමටත් ක්‍රීඩා උපදේශනයට අදාළ සේවා වැඩි දියුණු කිරීම හා ක්‍රීඩා මාර්ගෝපදේශනය ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීම අරමුණ වේ. ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව ඇමැතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නංවාලීම සඳහා ජපානය විසින් දක්වන උනන්දුව හා දායකත්වයට සැමගේ ප්‍රසංශාව හිමිවන බවයි. ජපානය ලංකාවේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සෑමවිටම සහයෝගය ලබදෙන බවත් ක්‍රීඩාව වැඩි දියුණු කිරීමට ජපානය ලබාදෙන සහයෝගයට විශේෂ ස්තුතිය පුදකරන බවත් සඳහන් කළේය.

නව අදහස දක්වන්න