ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ ශූරයින් දිවයිනට | දිනමිණ

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ ශූරයින් දිවයිනට

ජපානයේ පැවැත්වුනු 18 වන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වී පදක්කම් 9 ක් හිමිකර ගනිමින් ශ්‍රී ලංකාවට තරගාවලියේ 5 වන ස්ථානය හිමිකරදෙමින් මෙරටට පැමිනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීමේ උත්සවයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අරධිතයින්ගේ පිවිසුමේ දී අද(13) පැවැත්වුණි.

ඒ පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී මාධ්‍ය අමතා කතාකළ අමාත්‍ය ෆයිසර් මුස්තාපා

“රටවල් 45 ක් සමඟ තරඟ කරලා තමයි අපි මේ ජයග්‍රහණය ලබා ගත්තේ. ක්‍රිඩකයින් 13 දෙනෙකු සහභාගී වෙලා පදක්කම් 9 ක් අපි ලබා ගත්තා. ඒක විශාල ජයග්‍රහණයක්.

අපි බලාපොරොත්තු වෙනවා ඒ දරුවන් වෙනුවෙන් දීර්ඝකාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. දක්ෂ පුහුණු කරුවන්ගේ දායකත්වය ලබාගෙන මේ ජයග්‍රහණය කරපු දරුවන් ඔලිම්පික් පදක්කමක් ලබා ගැනීම දක්වා හොද ඉදිරි ගමනක් හදලා දෙන්න අපි අමාත්‍යාංශය විදියට වැඩ කටයුතු කරනවා.

පොදුරාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උලෙළට ක්‍රීඩකයින් 83 දෙනෙක් යවලා ලැබුණු ප්‍රතිලාභයි, අපි මේ තරඟා වලියට ක්‍රීඩකයින් 13 දෙනෙක් යවලා ලැබුණු ප්‍රතිලාභයි දිහා බැලුවාම අපි වෙනසක් දකිනවා. අපේ බලාපොරොත්තුව දක්ෂම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හොයලා ඒ අයට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීලා ඒ අයගේ ඉලක්ක ජයග්‍රහණ කෙරේ ලගා කරවනවා.

ඕනෑම ක්‍රීඩා ඇමති කෙනෙකුට අභියෝග තියෙනවා. අභියෝග මැද්දේ අපි ඉදිරියට කරගෙන යා යුතුයි. ක්‍රීඩාවක් පරදිනකොට අමාත්‍යාංශයට, ඇමතිට ඇගිල්ල දික් කරනවා. වෙස්ට් ඉන්දීස් සංචාරයේදී ශ්‍රී ලංකාවට පරාජයක් ලැබුනා. ලේසිම දේ නොයෙක් නොයෙක් උදවියට ඇගිල්ල දික් කරන එක. අපි ඇගිල්ල දික් කරන සංස්කෘතියෙන් ඈත් වෙලා කොහොමද අපි අපේ අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට යන්නේ කියන එක තමයි රටක් විදියට වැදගත් වෙන්නේ.

දිනමු දිනවමු තේමාව යටතේ අපි ඉදිරි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. තමන් දිනුමක් ලැබුවනම් රටක් දිනවන්න පුළුවන් කියන තේමාව යටතේ අමාත්‍යාංශය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.”

යනුවෙන් ද පැවසීය.

මෙම පිළිගැනීමේ උත්සවය සඳහා පළාත් සභා , පළාත් පාලන සහ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය ශ්‍රියානි විජයවික්‍රම , අමාත්‍යංශ නිලධාරීන්, ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පාසල් වල විදුහල්පති වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවිය.

18 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා උළෙල – 2018

ලබාගත් පදක්කම් සංඛ්‍යාව – 09

රන් පදක්කම් – 03

රිදී පදක්කම් – 04

ලෝකඩ පදක්කම් – 02

නව අදහස දක්වන්න