කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූවන් හදුනා ගැනේ - UPDATE | දිනමිණ

කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූවන් හදුනා ගැනේ - UPDATE

වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් ඇතුළු සෙසු පුද්ගලයින් හඳුනාගෙන තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 08ක් මේ වන විටත් විමර්ශණ ආරම්භ කර අැති බව පොලිස් මූලස්ථානය පවසයි.

වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කතරගම - කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරවාසී පූජ්‍ය තලගල ඥානේන්ද්‍ර හිමියන් කියා සිටියේ මහසෙන් මහදේවාලයේ ප්‍රධාන කපු මහතා වන මහේෂ් බණ්ඩාර සහ ඔහුගේ පවුලේ ඥාතීන් විසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට සැක පළ කරන බවයි.

මේ අතර, මෙම වෙඩි තැබීම කතරගම - මහසෙන් දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් මුල් කර ගනිමින් සිදුව ඇති බවයි දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

කිරිවෙහෙරේ විහාරාධිපති හිමියන් ගුවනින් කොළඹට - UPDATE

හම්බන්තොට මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කතරගම – කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් ගුවනින් කොළඹට රැගෙන ඒමට තීරණය කර ඇත.

වෙඩි ප්‍රහාරයට ලක්වූ කතරගම – කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට අද අලුයම හම්බන්තොට මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේදී සැත්කමකට ලක් කළේය.

නාහිමියන් සහ විහාරවාසී පූජ්‍ය වීදාපොල සෝභිත හිමියන්, කිරිවෙහෙර උඩ මළුවේ සිට පහත මළුවට වැඩම කරමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ඊයේ(12) රාත්‍රියේදීය.


නව අදහස දක්වන්න

Or log in with...