තැපැල් වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කෙරේ | දිනමිණ

තැපැල් වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කෙරේ

තමන් ආරම්භ කළ වර්ජනයට මේ දක්වා බලධාරීන්ගෙන් නිසි විසඳුමක් ලැබී නොමැති බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ ඒ අනුව වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර තැපැල් සේවක වැඩ වර්ජනයට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් හා විදුලි සංදේ‍ශ නිලධාරීන්ගේ සංගමය ද එක්ව තිබේ.

එම සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ. කාරියවසම් පැවසුවේ, බඳවා ගැනීමේ පටිපාටිය විධිමත් කරන තෙක් වැඩ වර්ජනයේ නිරත වන බව ය.

තම වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් ඊයේ පස්වරුව වන විට ලිපි ලක්ෂ 10කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බව තැපැල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

බඳවා ගැනීම් පටිපාටියට විරෝධය පළ කරමින් තැපැල් සේවකයින් පෙරේදා පස්වරුවේ සිට වර්ජනය ආරම්භ කලේය.


නව අදහස දක්වන්න

Or log in with...