ස්මාට් ෆෝන්වලට චීනයේ වෙනම මංතීරුවක් | දිනමිණ

ස්මාට් ෆෝන්වලට චීනයේ වෙනම මංතීරුවක්

ස්මාට් ජංගම දුරකථන වෙත දෑස් යොමා ගමන් යන පදිකයන් සදහා වෙන් වූ විශේෂ මන්තීරුවක් උතුරුදිග චීනය විසින් හදුන්වා දී ඇත.
 
ශැන්සි පුවත් සේවය වාර්තා කරන පරිදි තමන් වටා ඇති සියලු දෑ නෙසලකා සිය ජංගම දුරකථනයට පමණක් දෑස් යොමා ගමන් කරන පදිකයින් සදහා ශී-අන් නගරයේ “ යන්තා “ විදියේ විශේෂ මන්තීරුවකි සකසා තිබේ.
 
රතු, කොල සහ නිල් පාට තීන්ත ඇලේප කර ඇති ඉහත කී විශේෂ මන්තීරුවේ පළල 80cm වන අතර දිග 100m කි.
 
පදිකයින්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් මෙම පියවර අනුගමනය කර ඇතැයි සදහන් වේ. 
 
මේ වසරේ මුල් භාගයේ දී මවක් සිය ජංගම දුරකථනය භාවිත කරමින් චීනයේ මාර්ගයක් හරහා ගමන් කිරීමෙන් රියඅනතුරක් සිදුව තිබුණි. එම අනතුරින් දරුවාද සුළු තුවාල ලබා තිබුණි. 

නව අදහස දක්වන්න