කෑගල්ලේ සහකාර කොමසාරිස්ට ඇසිඩ් ප්‍රහාරයක් | දිනමිණ

කෑගල්ලේ සහකාර කොමසාරිස්ට ඇසිඩ් ප්‍රහාරයක්

කෑගල්ල දිස්ත්‍රික් සමූපකාර සංවර්ධන කොමසාරිස් කාර්යාලයේ සහකාර කොමසාරිස්වරයාට නාඳුනන පුද්ගලයෙකු විසින් ඊයේ පස්වරුවේ ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර අැතැයි වාර්තාවේ.

විවෘත කර තිබු ජනේලයක් හරහා සිලින්ජරයක් භාවිතා කරමින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර අැත.

මෙම ප්‍රහාරයෙන් මුහුණ ප්‍රදේශය තුවාල ලැබු සහකාර කොමසාරිස්වරයා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය පැවසුවේ, ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ සැකකරු කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි. 

සිදුවීම සම්බන්ධයෙන් කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

නව අදහස දක්වන්න