දඹදෙණියට කටුගෙයක් | දිනමිණ

දඹදෙණියට කටුගෙයක්

වයඹ පළාත් සංචාරක ප්‍රවර්ධනය උදෙසා දෙස් විදෙස් සංචාරකයන්ට ඓතිහාසික දඹදෙණිය රාජධානිය පිළිබඳ දැනුවත් කිරීම හා පුරාණ කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් වයඹ පළාත් සභාවේ අනුග්‍රහයෙන් වයඹ සංවර්ධන අධිකාරිය හා දඹදෙණිය රාජමහා විහාරස්ථානය මඟින් ක්‍රියාත්මක කරනු ලබන දඹදෙණිය සංචාරක කෞතුකාගාරය කටුගම්පොල හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක දඹදෙණිය රාජමහා විහාරස්ථානයේ භාරකාර විහාරාධිපති නාරංගොඩ සිරිනිවාස නායක ස්වාමීන්වහන්සේ ගේ අනුශාසකත්වයෙන්, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, ඵක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන, රාජ්‍ය දැව සංස්ථා සභාපති ශාන්ත බණ්ඩාර, වයඹ සංවර්ධන අධිකාරියේ සභාපති දේශමාන්‍ය වීරසිංහ මහත්වරුන් අතින් සඟ සතු කොට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලදී.

කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන පුස්කොල පොත් සංරක්ෂණය සඳහා දායකත්වය ලබාදීම වෙනුවෙන් සහතික පත් ප්‍රධානය, විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් රු.ලක්ෂ දහයක චෙක්පතක් පිරීනැමීම ද ප්‍රධාන ආරාධිතයන් අතින් සිදුවිය. දඹදෙණිය හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක නාරංගොඩ සංඝනන්ද හිමි, පහළ දොලොස් පත්තුවේ ප්‍රධාන සංඝනායක වේවැල්වල සෝනුත්තරාමාධිපති රාජකීය පණ්ඩිත පන්නල සුමේධ නායක හිමිපාණන් වහන්සේලා ඇතුඵ කොටගත් මහා සංඝරත්නය, පළාත් ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මේ අවස්ථාවට ඵක්ව සිටි අතර කෞතුගාරය ඉදිකිරීම සඳහා වයඹ පළාත් සභාව කෝටි තුනක මුදලක් වැයකර ඇත.

දඹදෙණිය විජේසුන්දරාරාම රාජමහා විහාරස්ථානය, වයඹ සංවර්ධන අධිකාරිය, වයඹ ප්‍රධාන අමාත්‍යාංශය, ප්‍රාදේශීය සභාව නාරම්මල, ප්‍රාදේශීය ලේකම් නාරම්මල පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල මෙය සංවිධාන කර තිබිණි.

සටහන හා ඡායා-
කුරුණෑගල මධ්‍යම සමූහ අනුරුද්ධ සුබසිංහ

නව අදහස දක්වන්න