ගෝඨාභයගේ තහනම ඉදිරියටත් බලාත්මකයි | දිනමිණ

ගෝඨාභයගේ තහනම ඉදිරියටත් බලාත්මකයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපල පනත යටතේ ක්‍රියාමාර්ග ගැනීම සහ ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වමින් ලබාදුන් අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වනතුරු දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කලේය.

ඒ අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරියසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන් හමුවේ ඊට අදාළ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදීයි.

අද පැවති පෙත්සම් විභාගයේදී නීතිපතිවරයා සහ පෙත්සම්කාර පාර්ශවය කරුණු දෙකක් සම්බන්ධයෙන් එකගතාවකටද  පැමිණියේය.

ඒ අනුව, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලබන 25 වනදා පෙරවරු 09.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන අතර, නඩු විභාගය සිදුවන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිතාසි ලද විගස එහි පෙනී සිටීමට ද එකග වී තිබේ.

පෙත්සම ලබන 25 වනදා යළි කැදවීමට නියමිතයි.

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී මූල්‍ය අක්‍රමිකතා සිදුකළ බව කියමින් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම පෙත්සම ගොනු කෙරිණ.


නව අදහස දක්වන්න

Or log in with...