අනාගත පරපුර සවිබල ගන්වන ලාෆ්ස් හා අධ්‍යාපන අමාත්‍යාංශය | දිනමිණ

අනාගත පරපුර සවිබල ගන්වන ලාෆ්ස් හා අධ්‍යාපන අමාත්‍යාංශය

ලාෆ්ස් නැණ මඟ ගණිත කඳවුරේ පළමු අදියර සාර්ථකව අවසන්

ලාෆ්ස් සමූහ ව්‍යාපාරය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද ලාෆ්ස් නැණ මග ගණිත කඳවුරු වැඩසටහන් මාලාවේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් පසුගියදා සනිටුහන් කරන ලදී. අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සිසුන් 150කට පමණ මාතරදී පැවැත්වූ එහි 10 වැනි වැඩසටහනේ අවසානයත් සමගින්, සිසු දරුවන් 1,500කට වැඩි සංඛ්‍යාවකගේ ගණිත කුසලතා වැඩිදියුණු කරගැනීමට මෙම ව්‍යාපෘති මාලාව මහඟු අවස්ථාවක් විය.

මෙම ‘ලාෆ්ස් නැණ මග ගණිත කඳවුරු’ වැඩසටහන, අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිත අංශය සමග අත්වැල් බැඳගෙන පසුගිය වසරේදී දියත් කරන ලද්දේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සිසුන්ගේ ගණිත දැනුම වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිවය.

“සිසු දරුවන්ගේ කුසලතා සහ දක්‍ෂතාවන් අඛණ්ඩව වර්ධනය කිරීම අපගේ අරමුණයි. ගණිතය යනු ඕනෑම වෘත්තීය ක්ෂේත්‍රයක ඕනෑම මට්ටමක පුද්ගලයකුට වෘත්තීය දියුණුව සඳහා අත්‍යවශ්‍ය මූලික කුසලතාවක්”, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය. “ලාෆ්ස් නැණ මග ව්‍යාපෘතියේ පළමු අදියරේදී දකුණු පළාතේ පාසල් 29ක මෙම වැඩසටහන් දැනට පවත්වා තිබෙනවා. මෙම වැඩසටහන් මගින් නවතම ශිල්ප ක්‍රම යොදාගනිමින්, වැඩිවැඩියෙන් ගවේෂණය කර තමන්ගේ ගණිත දැනුම පුළුල් කරගැනීමට සිසුන්ට අවස්ථාවක් ලැබෙනවා. එමෙන්ම මෙවැනි ඉහල මට්ටමේ අධ්‍යාපනයක් සිසු දරුවන් වෙත ලබාදීමට හැකිවීම අපගේ අනාගත පරපුරේ හෙට දවසට ශක්තිමත් අඩිතාලමක් වන නිසා, හෙට දවසේ රටේ අනාගතය වෙනුවෙන් සිදුකරන මහඟු මෙහෙයක් ලෙසින්ද මෙය හඳුන්වාදිය හැක” ඔහු තවදුරටත් සඳහන් කළේය.

කඩිනම් ඉගෙනුම් ක්‍රමෝපායන් හා ක්‍රියාකාරකම් පදනම්කරගත් ඉගෙනුම් ශිල්ප ක්‍රම අනුගමනය කරන මෙම තුන් දින වැඩසටහන් මාලාව, සිසුන්ගේ සක්‍රීය සහභාගීත්වය සහිතව පවත්වනු ලබයි.

“ගණිතය, අපහට අසීරු විෂයක්. ඒත් මෙම කඳවුරේදී ගුරුවරුන් ඉගැන්වූ වෙනස්ම ආකාරයේ ක්‍රමවේදයන් නිසා, ඒ අසීරු කොටස්ද සරළ ක්‍රමවලින් අවබෝධ කරගැනීමට අපට හැකි වුණා. තවද, අප හට මෙම වැඩසටහන් මාලාව පැවැත්වීම තුළින් ගණිතය ඉගෙනීම ඉතාමත් පහසු කටයුත්තක් බවට පත්වූවා,” මෙම ගණිත කඳවුරට සහභාගී වූ ජීවන්ත සඳරුවන් ශිෂ්‍යයා සඳහන් කළේය.

මාතර, බෙරලපනාතර විද්‍යාලයේ විදුහල්පති සුසන්ත විතානගේ මහතා අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. “මෙම කඳවුරු තුළින් අපගේ සිසු දරුවන්ගේ ගණිත විෂයට ඇති උනන්දුව වර්ධනය වී ඇති බව ඉතා පැහැදිලියි. මෙම වැඩසටහන ඔස්සේ දරුවන්ගේ දැනුම වර්ධනය කරන්න මහත් රුකුළක් වන අතරම, නව ගණිත ඉගෙනුම් ක්‍රමවේද භාවිතා කිරීමට ගුරුවරුන්ටද අවස්ථාව ලැබෙනවා.”

ව්‍යාපෘතියේ පළමු අදියරේදී ගණිත විෂයට අදාළ අධ්‍යාපනික පොත් 3,000 අධ්‍යාපන අමාත්‍යාංශයට පරිත්‍යාග කිරීමට ලාෆ්ස් කටයුතු කළ අතර, ඒවා කඳවුරු පැවැත්වෙන කාලයේදී ඇල්පිටිය, අහංගම, අම්බලන්ගොඩ, දික්කුඹුර, බලපිටිය, තංගල්ල, කොටපොල, මාතර, අකුරුස්ස, කඹුරුගමුව හා අවට ප්‍රදේශවල තෝරාගත් පාසල්වල සිසු දරුවන් අතර බෙදාහරින ලදී.

ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂක තිලක් ද සිල්වා මහතා අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. “අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව අපි මෙම පරිශ්‍රමය දරන්නේ, අපේ රටේ අනාගත නායකයන් ගොඩනැංවීමට අවශ්‍ය සවිය ලබාදෙමින් සිසු දරුවන් දැනුමෙන් පෝෂණය කරන්නයි. ඔවුන්ගේ ගණිත දැනුම වර්ධනය කිරීමට අවශ්‍ය නිසි අඩිතාලමක් දමමින්, අනාගත වෘත්තීය දිවියට අත්‍යවශ්‍ය කුසලතා වර්ධනය කිරීම ඉතාමත් වැදගත්. ලාෆ්ස් නැණ මග ගණිත කඳවුරු මාලාව තුළින්, පාසල් විෂය නිර්දේශය පාදක කරගෙන ඉතා ඉහල මට්ටමේ අධ්‍යාපන අවස්ථාවක් ලබාගැනීමට දහස් ගණනක් සිසු දරුවන්ට හැකිවී තිබෙනවා. අපේ රටේ අනාගත ශ්‍රම බලකාය ශක්තිමත් කළහැකි අන්දමේ වගකීමෙන් සිතන ප්‍රබල අනාගත පරපුරක් නිර්මාණය කිරීමට මෙම වැඩසටහන මහත් රුකුලක්වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා.”.

1995දී ආරම්භ කළ ඛ්ඹඨත්‍ී සමූහ ව්‍යාපාරය තුළ මේ වනවිට සේවක සේවිකාවන් 4000කට අධික පිරිසක් සේවය කරන අතර, වාර්ෂිකව රුපියල් බිලියන 28කට අධික පිරිවැටුමක් උත්පාදනය කරයි. දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් බලශක්ති, සිල්ලර වෙළෙඳාම්, කර්මාන්ත, සේවා, හෝටල් සහ සංචාරක සේවා, ප්‍රවාහන සහ සැපයුම් කටයුතු යන අංශ තුල විවිධ ව්‍යාපාර ක්‍ෂේත්‍ර 20කට අධික ප්‍රමාණයකට ව්‍යාප්තව ඇති ඛ්ඹඨත්‍ී සමූහ ව්‍යාපාරය, මිලියන ගණනක් පාරිභෝගිකයින්ගේ විශ්වාසනීයත්වය ඉහළින්ම දිනූ සැබෑ ශ්‍රිී ලාංකීය සමාගමකි.

නව අදහස දක්වන්න