ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාස කරන්න එපා | දිනමිණ

ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාස කරන්න එපා

ඉරානය උතුරු කොරියා නායකයාට අනතුරු අඟවයි

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් න්‍යෂ්ටික අවිහරණ එකඟතාව පැය කිහිපයක් තුළ අවලංගු හැකි බැවින් ඔහුව විශ්වාස නොකරන ලෙස ඉරානය උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් වෙත අනතුරු අඟවයි. බොහෝ රටවල් ට්‍රම්ප්- කිම් හමුව ඇගයීමට ලක් කරමින් නිවේදන නිකුත් කරද්දී ඉරානය ප්‍රතිචාර දැක් වූයේ උතුරු කොරියාවට එසේ අනතුරු අඟවමිනි. උතුරු කොරියානු නායකයා සාකච්ඡා සිදු කළේ කා සමඟදැයි තමන් හොඳින් හඳුනන බවත් සමහර විට ආපසු මවුරටට යාමටත් පෙර එම එකඟතාව ඔහු අවලංගු කළ හැකි බවත් ඉරාන රජයේ ප්‍රකාශක මොහොමඩ් බගෙර් නොබක්ට් සඳහන් කර තිබේ.

2015 වසරේ ඉරානය සමඟ එළැඹි න්‍යෂ්ටික එකඟතාවයෙන් අමෙරිකානු ජනාධිපති පසුගිය මාසයේ ඉවත් විය.

නව අදහස දක්වන්න