තුන්රෝදෙන් ගිය තුන්දෙනා රෝහලේ | දිනමිණ

තුන්රෝදෙන් ගිය තුන්දෙනා රෝහලේ

පස්සර බදුල්ල මාර්ගයේ ගෝනගල ප්‍රදේශයේදී 14 දින අලුයම ත්‍රිවිලර් රථයක් මාර්ගයේ පෙරළියෑමෙන් එහි ගමන් ගත් තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය කියයි. බදුල්ල සිට පස්සරට ධාවනය වෙමින් තිබු ත්‍රිවිලර් රථය අනතුරට ලක්ව තිබේ. පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්සක රත්නවීර එල් අඩප්සුරිය මහතා ඇතුළු නිලධාරීහූ පරීක්ෂණ පවත්වති.

ඌව පළාත් සමූහ
ප්‍රසන්න පත්මසිරි


නව අදහස දක්වන්න

Or log in with...