පාසල් දරුවන් නොමිලේ එක්ක යන රියදුරා | දිනමිණ

පාසල් දරුවන් නොමිලේ එක්ක යන රියදුරා

තෙල් මිල ඉහළ ගියේ අද ඊයේ පෙරේදාය. වැඩිකල මිලට තෙල් ගෙනැවිත් බාන්නටත් පෙර බස් හිමියෝ ගාස්තු වැඩි කළහ. ඒ පෙරහැරේ ඊළඟට ආවෝ ත්‍රී රෝද රථ හිමියෝ හා පාසල් වෑන් හිමිකරුවෝය.තම දරුවන්ගේ දෑස් පෑදීම තමන්ගේ ඉහළම වගකීම ලෙස සලකන දෙමව්පියෝ කන බොන දෙයින් අඩුකර හෝ පාසල් වෑන් රථවල වැඩි කල මිල ගෙවා දැමුවෝය. එහෙත් දෙහිඕවිට දෙල්ඔලුව සිසු දරුවන්ගේ දෙමව්පියන්ට නම් වැඩිකල පාසල් ගාස්තුව ප්‍රශ්නයක් නොවූයේය. ඊට හේතුව ඔවුන්ගේ දරුවන් පාසල් යන බස් රථයේ හිමිකරු පාසල් දරුවන් ප්‍රවාහනය වෙනුවෙන් කිසිදු මුදලක් අය නොකිරීමයි. එදිනෙදා වියහියදම් මෙතරම් ඉහළ ගොස් ඇති වකවානුවක කල් බදු වාරික ගෙවමින් බස් රථයක් නඩත්තු කර නොමිලේ ප්‍රවාහන කටයුත්තක යෙදවීම එසේ මෙසේ කාර්යයක් නොවේ එහෙයින් මේ අනේ පිඬු සිටානන් සොයා මම පසුගියදා දෙහිඕවිට දෙල්ඔළුවට ගියෙමු. ඔහු නමින් කේ.ඒ. සරත් වසන්තය.

මම ‍මේ ප්‍රවාහන සේවය නොමිලේ කරන්නේ කිසිම ප්‍රචාරයක් බලාගෙන නොවෙයි.මගේ එකම බලාපොරොත්තුව මම මේ කරනා යහපත් ක්‍රියාවෙන් මගේ මිය ගිය අම්මටයි තාත්තටයි රණවිරුවන්ටයි රාජ්‍ය නායකයින්ටයි පින් ලබා දීමයි සරත් වසන්ත පවසන්නේය.

රුවන්වැල්ල සමූහ - කේ.පී.රංජනී

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න