වෑන් - ත්‍රිෙරා්ද රථ මුහුණට මුහුණ ගැටිලා | දිනමිණ

වෑන් - ත්‍රිෙරා්ද රථ මුහුණට මුහුණ ගැටිලා

වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් හෙම්මාතගම වාගොල්ල පාලම අසලදි මුහුණට මුහුණ හැප්පි සිදු වු අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා බරපතළ තුවාල ලබා හෙම්මාතගම පර්යන්ත රෝහලට ඇතුලත් කරන ලද බව හෙම්මාතගම පොලිසිය පවසයි.

හෙම්මාතගම මාවනැල්ල මාර්ගය මං තීරු දෙකක් ලෙස පළල් කිරිමෙන් පසුව අනතුරු බහුල මාර්ගයක් බවට පත් වි ඇති අතර මාවනැල්ල දෙස සිට පැමිණි වෑන් රථය වැරදි මං තීරු භාවිතය හේතුවෙන් මෙම අනතුර වාගොල්ල පාලම අසල වංගු සහිත ස්ථානයේදි සිදු වි ඇති බව පොලිසියට මෙ වන විට පරික්ෂණ වලින් ආනාවරණය කර ගැනිමට හැකි වි ඇති බව පොලිසිය පවසයි.

හෙම්මාතගම සිට මාවනැල්ල දක්වා ත්‍රිරෝද රථ රියදුරා මාවනැල්ල දෙසට ධාවනය කර ඇති අතර අනතුර වන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ ගමන් කර ඇත්තේ එහි රියදුරා පමණක් බවද පොලිසිය කියයි.

ත්‍රිරෝද රථයට බරපතළ හානි සිදු වි ඇති අතර එහි ඉදිරි පස සුන්බුන් ගොඩක් බවට පත් වි ඒ අසල මාර්ගයේ ලේ පැල්ලම් කිහිපයක්ද අනතුර සිදු වි ටික වේලාවකින් එහි ගිය අපට දැක ගැනිමට හැකි විය.

අනතුරට ලක් වු ත්‍රීරෝද රථය හා වෑන් රථය හෙම්මාතගම ඹ්ලාන ප්‍රදේශයේ එකම ගම්මානයේ වාහාන දෙකක් බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් හෙම්මාතගම පොලිසියේ රථ වාහාන ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ප්‍රසන්න ආරගොඩ මහත්මාගේ උපදෙස් අනුව නිලධාරිහු පරික්ෂණ සිදු කරති.

මාවනැල්ල විශේෂ සමන් විජය බංඩාර


නව අදහස දක්වන්න

Or log in with...