මාතර මාධ්‍යවේදී සංවිධානයෙන් උණ රෝගය පාලනයට සහාය | දිනමිණ

මාතර මාධ්‍යවේදී සංවිධානයෙන් උණ රෝගය පාලනයට සහාය

ජයසිරි පේදුරුආරච්චි

දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය පාලනය කිරීමේ අරමුණින් ජනතාව දැනුවත් කිරීමට හා මුඛ ආවරණ ලබාදීමට මාතර මාධ්‍යවේදී සංවිධානය ගෙනයන වැඩපිළිවෙළ සඳහා මාතර දිස්ත්‍රික් පෙරපාසල් සංගමය හා ඒකාබද්ධ විපක්ෂයේ දිස්ත්‍රික් අරමුදල එක්ව සහාය දැක්වීමට පියවර ගෙන ඇත.

මේ යටතේ මුඛ ආවරණ ලබාගැනීමට හා සංවිධානය මගින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන අනෙකුත් වැඩසටහන් සඳහා යොදා ගැනීමට මුදල් පරිත්‍යාගයක් ද සිදුකළේය. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර, දකුණු පළාත් සභා මන්ත්‍රී සරත් ද අල්විස් හා පෙරපාසල් පදනමේ සභාපතිනී තමරා මනෝරි ඉලංගම්ගේ මහත්ම මහත්මීන් හා ගුරු භවතුන් එක්ව සිටියහ

 

 

නව අදහස දක්වන්න