ගාල්ල පෙරපාසල් දරුවන්ට මුඛ ආවරණ | දිනමිණ

ගාල්ල පෙරපාසල් දරුවන්ට මුඛ ආවරණ

දකුණු පළාතේ පැතිර යමින් පවතින වෛයිරස් උණ රෝගය දරුවන් අතර පැතිර යාම පාලනය කිරීමට සෞඛ්‍ය අංශ වෙත සහාය පළකිරීමේ අරමුණින් ගාල්ල දිස්ත්‍රික්කයේ පෙරපාසල් දරුවන් වෙත මුඛ ආවරණ බෙදාදීමේ වැඩසටහනක් දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යථානයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක විය.

ගාල්ල දිස්ත්‍රික්කයේ පෙරපාසල් දරුවන් පිරිවෙන් හිමිවරුන් වෙත මුඛ ආවරණ බෙදාදීමේ වැඩසටහන ඉදිරි දින වලද අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර මේ සඳහා ගාල්ල ව්‍යාපාරික ප්‍රජාවගේද සහාය ලැබුණු බවද දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති රවී ලියනගේ මහතා සඳහන් කළේය.

‍‍මෙයට අමතරව දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍ය වේදීන් විසින් ගාල්ල මහාමෝදර මාතෘ රෝහලේ මව්වරුන් සහ බිලිඳුන් බැලීමට යන අයවලුන් වෙතද නොමිලේ මුඛ ආවරණ බෙදාදුනි.

ගාල්ල උතුර සමුහ දික්වැල්ලේ තිලකරත්න

නව අදහස දක්වන්න