ව්‍යාජ මුදල් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට | දිනමිණ


 

ව්‍යාජ මුදල් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

වීරකැටිය, වෑකඳවෙල ප්‍රෙද්ශයේ ව්‍යාජ මුදල් මුද්‍රණය කළ සැකකරුවන් දෙදෙනෙක්ව අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ(14) රාත්‍රී 08.45ට පමණ සිදු කළ වැටලීමකදී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 02ක්, ව්‍යාජ රුපිල් 1000 නෝට්ටු 05ක් සහ ව්‍යාජ රුපියල් 100 නෝට්ටුවක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඒවා මුද්‍රය සදහා යොදා ගත් ලැප්ටොප් පරිගණකයක් සහ ප්‍රින්ටරයක් ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.

එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරීමේ දී මෙලෙස මුද්‍රණය කරන ලද මුදල් මාරු කිරීමට ගොස් සිටි අයෙකු සම්බන්ධයෙන් ද අනාවරණය වී තිබේ. පසුව එම සැකකරුද ව්‍යාජ රුපියල් 5000ක නෝට්ටුවක් සමඟ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 20 හා 21 වයස්වල පසුවන වෑකඳවල ප්‍රදේහයේ පදිංචි කරුවන් වේ.

සැකකරුවන් අද(15) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

වීරකැටිය පොලිසිය විසින් මේ පිළිබඳ විමර්ශන සිදු කරනු ලැබේ.

නව අදහස දක්වන්න