විදුපියසේ රුක් රෝපණ වැඩසටහන | දිනමිණ

විදුපියසේ රුක් රෝපණ වැඩසටහන

ලෝක පරිසර දිනට සමගාමීව මුලටියන අධ්‍යාපන කලාපයේ පාසල්වල විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබිණි. එදින මාර/මීපාවිට කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක් මෙන්ම පරිසර කමිටුව විසින් ක්‍රියාවට නංවා තිබූ පෝස්ටර් ප්‍රදර්ශණයක්ද ඇතුළු පරිසර වැඩසටහන් කිහිපයක් පැවැති අයුරු. විදුහල්පති මහින්ද මොහොට්ටි මහතා සහ පරිසර කමිටු භාර ආචාරිනී ඩී.චම්පා මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් එම වැඩසටහන සංවිධාන කර තිබුණි.

ඡායාරූපය - දෙයියන්දර සමූහ. තමරසිරි විජේසේකර

නව අදහස දක්වන්න