වෙඩි පහරට ලක් වූ මුවාගේ දිවි බේරෙයි | දිනමිණ

වෙඩි පහරට ලක් වූ මුවාගේ දිවි බේරෙයි

ගෝනදෙනිය තේක්ක රක්ෂිතයේ සිටින මුවන් නිරන්තරයෙන් දඩයක්කරුවන්ගේ ග්‍රහණයට හසුවේ. එසේ වෙඩි ප්‍රහාරයකට ලක්ව දින කිහියක් ගතවූ මුවෙකු ගෝනදෙනිය ගම්වාසීන්ගේ පිහිටෙන් දිවි බේරා ගෙන ඇත. මෙම මුවා රක්ෂිතaය ආසන්නයේ ගෙවත්තකට පැමිණ ඇති අතර එහිදී බල්ලන්ගෙන් ගැලවීම සඳහා නිවසක් අසළට පැමිණ ඇත. සතාගේ පසුපස පාදයකට වෙඩි වැදීමෙන් එහි අස්ථි වෙන්ව ඇති බව දක්නට ලැබිණ.

පසුව නිවැසියන් හා අසල්වාසීන් එක්ව ඖෂධ වර්ග යොදා ගනිමින් ප්‍රතිකාර කර ඇත . වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කුමුදු ලොකුහේවාගම මහත්මියට ජනතාව දැනුම්දී ඇති අතර ග්‍රාම නිලධාරී දැනුවත්කර එම ස්ථානයට යවා කළමැටිය වන ජීවී නිලධාරීන්ද දැනුම්වත් කර ඇත. පසුව වනජීවි නිලධාරීන් පැමිණ ප්‍රතිකාර සඳහා මුවා උඩවලව ඇත් අතුරු සෙවනට රැගෙන ගොස් තිබේ.

සටහන සහ ඡායාරූපය
මැදමුලන සමූහ

නව අදහස දක්වන්න