මේසන් වෘත්තිකයන්ගේ දැනුම වඩවන ටෝකියෝ සිමෙන්ති | දිනමිණ

මේසන් වෘත්තිකයන්ගේ දැනුම වඩවන ටෝකියෝ සිමෙන්ති

ටෝකියෝ සිමෙන්ති සමුහය දශක දෙකකට අධික කාලයක පටන් මේසන් වෘත්තිකයන්ගේ ශිල්පීය දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණින් දිවයින පුරා පුහුණු සම්මන්ත්‍රණ මෙහෙයවනු ලබයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයන්ට, එම වෘත්තියට අදාළ ශිල්පීය දැනුම සහ නවතම නිෂ්පාදන භාවිතය ඇතුළු වැඩබිමේ කාර්යක්ෂමතාව ඉහළ නංවාලීම සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීම මෙහි දී සිදුකරනු ලබයි. ශ්‍රී ලංකාවේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි සංවිධානය කෙරෙන මේ වැඩසටහන් තුළින් මුළුමහත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේම වෘත්තීයමය ගුණාත්මකභාවය ඉහළ නැංවීම ටෝකියෝ සිමෙන්ති සමූහයේ අරමුණයි.

ඒ අනුව දියත් කෙරෙන වැඩසටහන් මාලාවේ තවත් සැසිවාර 9ක් නොබෝදා අතිසාර්ථකව පැවැත්විණි. දිවයින පුරා විසිරී සිටින මේසන්වරුන්ගේ තාක්‍ෂණ දැනුම වැඩි දියුණු කිරීම සඳහා පවත්වන මේ සම්මන්ත්‍රණ මාලාව මෙවර මහියංගණය, මඩළකපුව, කල්මුණේ, ඇඹිලිපිටිය, පොල්ගහවෙල, මුලතිවු, හලාවත, රිකිල්ලගස්කඩ, සහ වැලිමඩ යන ප්‍රදේශවල පවත්වන ලද අතර, මේ සඳහා මේසන්වරුන් 600කට අධික පිරිසක් සහභාගිව සිටියහ.

ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරයේ උපදේශක ඉංජිනේරු මෞලි ගුණරත්න මහතා විසින් මෙහෙයවනු ලබන මේ සම්මන්ත්‍රණ සංවිධානය කෙරෙන්නේ ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ අලෙවි සහ බෙදාහැරීම් මෙහෙයුම් භාර ක්ෂේත්‍ර අලෙවි කළමනාකාරවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රාදේශීය අලෙවි නිලධාරීන්ගේ දායකත්වයෙනි.

නව අදහස දක්වන්න