දශකයක් පුරා ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ විශ්වාසය දිනූ රාත්‍රී පෝෂණ සත්කාරය-NNO | දිනමිණ

දශකයක් පුරා ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ විශ්වාසය දිනූ රාත්‍රී පෝෂණ සත්කාරය-NNO

තාරුණ්‍යයෙන් පිරිපුන් පෝෂණීය සමක් උරුම කරගැනීමට රාත්‍රී කාලයේ දී භාවිත කිරීම සඳහා ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් නිෂ්පාදනය NNO රාත්‍රී පෝෂණ සත්කාරයයි. එතැන් සිට වර්ෂ 10ක් පුරාවට ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ විශ්වාසය දිනාගන්නට NNO සමත්ව සිටීම සුවිශේෂීය. දිවා කාලයේ දී නිවසින් පිටව යාමට පෙර මුහුණේ ආලේපනයන් ගැල්වීමට කාන්තාවන් හුරුව සිටියද සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේ නින්දට පෙර සමට පෝෂණය ලබා දෙන රූපලාවණ්‍ය සත්කාරයක් සිදුකිරීමට ඔවුන් උනන්දුවක් දක්වන බව පෙනෙන්නට නැත.

මෙගා ලයිෆ්සයන්සස් යනු විද්‍යානුකූල පදනමක් මත පිහිටමින් සිය නිෂ්පාදන සිදුකරන සමාගමක් වන අතර, සමේ පෝෂණය රඳා පවත්වා ගැනීම වෙනුවෙන් රාත්‍රී කාලයේ දී පෝෂණීය සත්කාරයක් ලබා දීමේ වැදගත්කම මැනවින් අවබෝධ කරගත් සමාගමකි. සමේ පෝෂණය සහ තරුණ පෙනුම පවත්වාගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදුකිරීමට ද මෙගා ලයිෆ්සයන්සස් සමාගම නිරන්තරයෙන් කටයුතු කරයි. ශරීරයේ නිරෝගීභාවය රඳා පවත්වා ගැනීම සඳහා දිනකට පැය 8ක අවම නින්දක් ලබා ගත යුතු බව වෛද්‍ය නිර්දේශයයි.

දිවා කාලයේ දී සම ඇතුළු සමස්ත ශරීරය විවිධාකාර භාහිර පාරිසරික පීඩාවන්ට ලක් වේ. එම නිසා පැය 8ක නින්දක් ලබාගැනීමෙන් එම පීඩාවට පත් ශරීරය යථා තත්ත්වයට පත් වෙන අතර, සමෙහි සුන්දරත්වය රැක ගැනීමට ද එය ඉතා වැදගත්වේ. නින්දට යාමට පෙර සමේ නිසි ආලේපනයක් ගල්වන්නේ නම් ප්‍රතිඵල වඩාත් විශිෂ්ට වනු ඇත. එමගින් සමේ සෛල අලුත් කිරීම සහ නැවුම් ගතියක් ලබා දීමද සිදු වේ. රාත්‍රි කාලයේ සම පෝෂණය කිරීමේ සංකල්පය මත පදනම් වෙමින් NNO නිපදවා තිබෙන අතර, එය සමට හොඳින් අවශෝෂණය කරගනිමින් සමේ තෙතමනය, ස්ථාවර බව, ඇදෙන සුලු ගතිය, ශක්තිය සහ සුමුදු බව ආරක්ෂා කරමින් නැවුම් බවින් යුක්තව පසු දිනට මුහුණ දීමේ හැකියාව රැගෙන එයි.


නව අදහස දක්වන්න

Or log in with...