සෙලාන් බැංකුව සවුදි අරාබියේ ‘ටෙලිමනී සර්විසස්’ සමග අත්වැල් බැඳගනී | දිනමිණ

සෙලාන් බැංකුව සවුදි අරාබියේ ‘ටෙලිමනී සර්විසස්’ සමග අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවට මුදල් එවීමේ අවස්ථාව සලසා දෙන තම ප්‍රේෂණ සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සවුදි අරාබියේ ‘අරාබි ජාතික බැංකුවේ’ (Arab National Bank – ANB) ‘ටෙලිමනී’ (TeleMoney) සේවාව සමඟ අත්වැල් බැඳගැනීමට සෙලාන් බැංකුව පසුගිය දා කටයුතු කළේ ය. ඒ අනුව දැන් දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන්ට සවුදි අරාබියේ සිට ඉතාමත් ඉක්මනින් හා පහසුවෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන තම නෑදෑ හිතමිතුරන් වෙත මුදල් එවිය හැකි වේ.

මැද පෙරදිග කලාපයේ විශාලතම බැංකු 10 අතරින් එකක් වන අරාබි ජාතික බැංකුවේ ශාඛා සහ ටෙලිමනී සේවා මධ්‍යස්ථාන ජාලය සවුදි අරාබිය පුරා ව්‍යාප්තව පවතී. මේ සේවාව මගින් මුදල් යැවීමේ සරල හා පහසුක්‍රම කිහිපයක් අතරින් තමන් කැමති ක්‍රමය තෝරා ගැනීමේ අවස්ථාව ලැබෙන නිසා එරට සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට එය ඉමහත් පහසුවක් සලසනු ඇති බව නොඅනුමාන ය.

 ‘සෙලාන් බැංකුව සමඟ මෙසේ අත්වැල් බැඳගැනීම, සවුදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකියන්ට ඉතාමත් පහසුවෙන් සහ ලාභදායී ලෙස තම මවු රටට මුදල් යැවීමේ අවස්ථාව සලසා දීම සඳහා අප දරන උත්සාහයේ එක් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.’ ටෙලිමනී අංශයේ ව්‍යාපාර/ පාරිභෝගික බැංකුකරණ සේවා ප්‍රධානී අන්වර් අල් මුර්ෂෙඞ් මහතා පැවැසීය.

නව අදහස දක්වන්න