‘දෙව් සරණ සොයා’ ගීතිකා සංයුක්ත තැටිය දොරට වඩී | දිනමිණ

‘දෙව් සරණ සොයා’ ගීතිකා සංයුක්ත තැටිය දොරට වඩී

පද්ම කුමාර ප්‍රනාන්දු මහතා විසින් ප්‍රථමවරට ලියා තනු නිර්මාණය කරමින් ගායනා කරන ලද ඉහත සංයුක්ත ගීතිකා තැටිය, 2018 මැයි මස 19 වන සෙනසුරාදා වාද්දූව, ශුද්ධාත්ම දෙව් මැදුරේ වාර්ෂික මංගල උළෙලේ සන්ධ්‍යා මෙහෙය අවසානයේදී දොරට වැඩියේය.

එහි ප්‍රථම සංයුක්ත තැටිය වාද්දූව මීසම් සේවක ගයාන් ප්‍රසන්න පියතුමා වෙත පිළිගැන්වූ අයුරු ඡායාරූපයේ වේ. සංගීත අධ්‍යක්ෂණය කළ වජිර ඩී. රත්නායකය ද එම අවස්ථාවට සහභාගි විය.

කොළඹ පදවි ජනසන්නිවේදන කොමිසමේ අනුමැතිය සහිතව දොරට වැඩී මෙම සංයුක්ත ගීතිකා තැටියේ ‘ලහිරු නැගෙනා’, ‘නමෝ මරියනි’, ‘දෙවි සරණ සොයා’, ‘ඔබේ හඬට’, ‘දෙවිඳේ’, ‘මංගලම් සුබ මංගලම්’, ‘කතා කියන උපමා’, ‘මගේ නිවස’, ‘දුක දරා ගන්න හා’ , ‘තෙදැති බලැති’ යන තේමා රැගත් ගීතිකා දහයකින් සමන්විතය. මින් ලැබෙන ප්‍රතිලාභ දෙව්මැදුරට තිළිණ කෙරේ.

රූපන් ප්‍රැන්සිස්

නව අදහස දක්වන්න