රංජන්ට චෝදනා ගොනු කරන්න - ශ්‍රේෂ්ඨාධිකරණය | දිනමිණ

රංජන්ට චෝදනා ගොනු කරන්න - ශ්‍රේෂ්ඨාධිකරණය

අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිටින නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව ලබන 30 වන දා චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ, ශ්‍රී ලංකාවේ අධිකරණ විනිසුරුවරුන් හා නීතිඥයින් බහුතරයක් දූෂිත බවට මාධ්‍ය හමුවේ රංජන් රාමනායක කළ ප්‍රකාශයෙන් අධිකරණයට සිදුවී ඇති අපහාසයට දඬුවම් නොකළ යුත්තේ, මන්දැයි විමසන කෙටුම්පත් ආඥාවක් ද ලබා දෙන ලෙසයි.

ඒ අනුව වගඋත්තරකාර රංජන් රාමනායකට එරෙහිව දඬුවම් නියම නොකළ යුත්තේ ඇයිදැයි විමසන කෙටුම්පත් ආඥාව හා චෝදනා පත්‍රය ලබන මස 30 වන දින අධිකරණයට ගොනු කරන ලෙස නීතිපතිවරයාට නියෝග කළේ ය.

මාගල්කන්දේ සුදත්ත හිමියන් හා විශාමික යුද හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා විසින් ගොනු කර තිබු පැමිණිල්ලක් සලකා බැලු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් හා මූර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළේ ය.


නව අදහස දක්වන්න