ඇලෝසියස්ගේ සමාගම්වලින් අවස්ථා 45,000ක දී පගාව දීලා ප්‍රවෘත්තිය බොරු | දිනමිණ

ඇලෝසියස්ගේ සමාගම්වලින් අවස්ථා 45,000ක දී පගාව දීලා ප්‍රවෘත්තිය බොරු

ජාතික පුවත් පතක ඊයේ පළ වී‍ තිබු 'ඇලෝසියස්ගේ සමාගම්වලින් අවස්ථා 45,000ක දී පගාව දීලා- රහස් පොලිස් පරීක්ෂණවලදී හෙළිවෙයි' යන ශිර්ෂය යටතේ පළ වූ ප්‍රවෘත්තිය නිවැරිදි නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ රුවන් ගුණසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින සඳහන් කරයි.

එම නිවේදනය මෙසේය. 2018.06.18 දින ජාතික පුවත්පතක ' ඇලෝසියස්ගේ සමාගම්වලින් අවස්ථා 45,000 කදී පගාව දීලා -රහස් පොලිස් පරික්ෂණවලදී හෙලි‍වෙයි' යන ශිර්ෂය යටතේ පුවතක් පළ කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කළ විමර්ශනවල දී මෙම පුවත්පතේ සඳහන් ආකාරයට අවස්ථා 45,000ක දී පගාව (අල්ලස්) ලබා දීමක් පිළිබඳව කිසිදු කරුණක් අනාවරණය වී නොමැත. එම අදාළ සමාගමේ මූල්‍ය ගනුදෙනු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දිගටම විමර්ශන සිදු කරමින් පවතී.

කෙසේ වෙතත් අවස්ථා 45,000ක දී පගාව (අල්ලස්) දීමක් සිදුව ඇති බවට පළ කළ පුවත නිවැරිදි පුවතක් නොවේ.

 


නව අදහස දක්වන්න