Canon PIXMA Ink Efficient G Series නැවතත් | දිනමිණ

Canon PIXMA Ink Efficient G Series නැවතත්

කාර්යාල ස්වයංකරණයේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන මෙට්‍රොපොලිටන් සමූහය, සිය ප්‍රින්ටර යන්ත්‍ර මාදිලි පෙළ නැවත වරක් ප්‍රබෝධමත් කරමින්, ජනප්‍රිය PIXMA Ink Efficient G Series කාණ්ඩය, යළි පිරවිය හැකි ink tank පද්ධතියක් සමඟින් නැවුම් මුහුණුවරකින් ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ වෙත හඳුන්වා දෙනු ලබයි.

මෙට්‍රොපොලිටන් අධ්‍යක්ෂ මණ්ඩලයේ පුද්ගලික ආරාධනයෙන් සපැමිණි 140කට අධික ව්‍යාපාරික හා 60කට අධික ආයතනික හවුල්කරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැති උත්සවයක දී මේ ප්‍රින්ටර මාදිලි පෙළ යළි හඳුන්වා දීම සිදුකෙරිණි. මෙලෙස යළි හඳුන්වා දෙන කාණ්ඩ වනුයේ Canon PIXMA Ink Efficient G Series G1010, G2010, G3010 හා G4010 යළි පිරවිය හැකි ink tank පද්ධතියකින් සමන්විත ප්‍රින්ටර කාණ්ඩයයි. මීට අමතරව සියලු සේවාවන් එකම යන්ත්‍රයකින් ලබා දෙන Canon Photo All-In-One printers වන TS5170 හා TS8170 මාදිලි ද මේ අවස්ථාවේ ප්‍රදර්ශනය සඳහා එක් කර තිබිණි.

කොළඹ සිමනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවැති උත්කර්ෂවත් මේ උත්සව අවස්ථාවේ පැවැති සම්මාන ප්‍රදානයක දී සමාගම විසින් ප්‍රමුඛතම අලෙවිකරුවන් ඇගයීම ද මෙහි දී සිදුකෙරිණි. මෙහි දී ජයග්‍රාහකයන් විසින් විදෙස් සංචාර ඇතුළු ආකර්ෂණීය ත්‍යාග රැසක් හිමිකර ගන්නා ලදී. මේ අවස්ථාවේ දී Best Emerging Business Partner සම්මානය INSIGHT COMPUTERS විසින් දිනා ගනු ලැබීය. මේ අතර Best Regional Business Partner සම්මානය SELL X COMPUTERS විසින් දිනා ගනිද්දී Best Consumable Business Partner සම්මානය ACCELL TECHNOLOGY HOLDING විසින් හිමිකර ගනු ලැබීය. මීට අමතරව මේ උළෙලේ දී පිරිනමන ලද Business Hardware partner හා Best Business Partner සම්මාන ද්විත්වයට හිමිකම් කීමට BARCLAYS COMPUTERS සමත් විය.

මේ උත්සව අවස්ථාවට එක්වෙමින් Metropolitan Computers (Pvt) ltd හි සන්නාම කළමනාකරු සමිත පීරිස් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘අපගේ විශිෂ්ට හවුල්කාර ජාලය සමඟින් අප විසින් ලබා ඇති ප්‍රගතිය පිළිබඳ අප ඉතා සතුටට පත්වෙනවා. පසුගිය වසර තුළ දී Canon ප්‍රින්ටර වෙළෙඳ පොළ කොටස ශීඝ්‍ර වර්ධනයක් අත්පත් කර ගත්තා. Canon හා මෙට්‍රොපොලිටන් සන්නාමයන් මෙලෙස ඉහළ තලයකට ගෙන ඒම වෙනුවෙන් කළ කැපවීම හා පරිශ්‍රමය වෙනුවෙන් අපගේ කොළඹ සහ පිට පළාත්වල හවුල්කාර ආයතන වෙත ස්තුතිය පුද කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා.’

නව අදහස දක්වන්න