විනිසුරු ගිහාන් කුලතුංග ඉවත් කරන්න | දිනමිණ

විනිසුරු ගිහාන් කුලතුංග ඉවත් කරන්න

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ හට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගෙන් ඉවත් කර වෙනත් විනිසුරුවරයෙකු හමුවේ විභාගයට ගන්නා මෙන් අභියාචනාධිකරණය නියම කර තිබේ.

කුමුදුනී වික්‍රමසිංහ සහ එස්.තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

අදාළ නඩුව ගිහාන් කුලතුංග විනිසුරුවරයාගෙන් ඉවත් කර වෙනත් විනිසුරුවරයකු හමුවේ නොපමාව විභාගයට ලෙසත්  අභියාචනාධිකරණය කොළඹ මහාධිකරණයට නියම ඇත.

නව අදහස දක්වන්න