එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු එංගලන්තයෙන් | දිනමිණ

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු එංගලන්තයෙන්

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (19දා) සමත්විය.

ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 481/6ක් රැස්කරමිනි. ඒ අනුව එක්දින පිටියේ ඉහළම ලකුණු සංඛ්‍යාව ක හිමි ඔවුන් විසින්ම පිහිටුවා තිබූ වාර්තාව එංගලන්තය විසින් බිඳ දමනු ලැබීය.

 තරගය නොටින්හැම් හිදී පැවැති අතර ජේසන් රෝයි (82), ජොනී බෙයාස්ටෝ (139), ඇලෙක්ස් හේල්ස් (147) හා ඉයන් මෝගන් (67) ලෙස සාර්ථක ඉනිම් ගොඩනැංවූහ.

පළමු කඩුල්ල වෙනුවෙන් ජේසන් රොයි හා ජොනී බෙයාස්ටෝ ලකුණු 159ක සබඳතාවක් පැවැත්වූ අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් බෙයාස්ටෝ හා ඇලෙක්ස් හේල්ස් ලකුණු 151ක සබඳතාවක් පැවැත්වීය.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ඉයන් මෝගන් හා ඇලෙක්ස් හේල්ස් ලකුණු 124ක සබඳතාවක් පැවැත්වීය.

ලකුණු 481ක  ඉලක්කයක් හඹා ගිය ඔස් කණ්ඩායමට රැස්කළ හැකිවූයේ පන්දුවාර 37කදී සියලු දෙනා දැවී ලකුණු 239කි. 

නව අදහස දක්වන්න