මැදවච්චියේ ගම්මාන 83ක ජනතාවට අලි කරදර උග්‍රයි | දිනමිණ

මැදවච්චියේ ගම්මාන 83ක ජනතාවට අලි කරදර උග්‍රයි

අලි මිනිස් ගැටුම මැදවච්චියේ දිනෙන් දින උග්‍ර වෙමින් පවති. කර්කෂ පොළවත් සමඟ පොර බදිම්න් ජීවත් වන මැදවච්චිය ගම්මාන 83ක ජනතාව එම ගැටලුවෙන් දැඩී ලෙස පීඩාවට පත්ව සිටිති.

පසුගිය දා මැදවච්චිය ලේනදිව්ල්වැව, හැලඹගස්වැව අගුනොච්චිය යන ගම්මාන කිහිපයක නිවාස සහ වගාවන් කිහිපයක් වන අලි ප්‍රහාරයට ලක්ව ඇත.

දියබිදුණුවැව සුමනසාර හිමි - අපිට දැන් දිගින් දිගටම වන අලි තර්ජන උග්‍ර වෙලා. මේවට විසඳුම් සොයන්න බලධාරීන් ඉදිරිපත් වෙන්නෙ නැහැ. අපි ඒ ගැටලු බලධාරීන්ට පෙන්වා දීමට ගිහාම අපට වැටහුණු එකම දේ තමයි මේ නිලධාරීන් අතර කිසිම සම්බන්ධතාවක් නැති බව. අරයා මෙයාට කියනවා. මෙයා තව කෙනකුට කියනවා. කවුරුත් වැඩේ කරන්න බලන්නෙ නැහැ. හැමෝම බෝලේ පාස් කරනවා. ගමේ මනුස්සයෝ අපේ මනුස්සයෝ හමදාමත් ජීවිතයත් මරණයත් අතර වන අලි සමඟ සටනක. නිලධාරීන්, බලධාරීන් සැප නින්දෙ. ගමේ ගොවියො එළි වෙනකම් ඇහැරගෙන තම දරුපැටවුන් ආරක්ෂා කරනවා. බෝග ආරක්ෂා කරනවා. අ

මේ අලි මේ ප්‍රදේශයට ආවෙනික අය නොවේ. කලිනුත් අලි හිටියා. නමුත් ඒ අලි මිනිස්සු මැරුවෙ නැහැ. මෙහෙම ගෙවල් කැඩුවෙ නැහැ. මේ දැන් ඉන්න අලි හොරොව්පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය කැඩුණු වෙලාවෙ පැනපු දාමරික අලි. මධ්‍යස්තානයේ හිටපු අලි ගණන දන්නෙ නැති නිලධාරීන් අද ඉන්නෙ.

හැලඹගස්වැව එම්. රත්නායක ගොවි මහතා - අපි මෙහෙට ආපු දවසේ ඉදලම අලි කරදර තියෙනවා. මගේ වයස දැන් අවුරුදු 65 යි. අවුරුදු 65ක් ගතවෙලත් මේකට විසඳුමක් නැහැ. මම රැකියාව වශයෙන් ගොවිතැන් කරන්නේ. වගා කරලා, බෝග විකුණලා, බැංකු වලට ණය වෙලා හදාගත්තු ගෙදර මේ. දුක්විඳලා කාමර දෙකක් හදාගත්තේ ආරක්ෂිතව ඉතුරු කාලයවත් ඉන්න කියලා හිතාගෙන. අද ඒ වෙහෙස මහන්සිය වතුරේ ගිහින්. මම නිදාගෙන හිටියේ අලියා කඩපු කාමරේමයි. මට සද්දයක් ඇහුණා බිත්තියේ. නින්දෙන් ඇහැරිලා බලද්දි අලි ඇවිත් බිත්තිය කඩනවා. මම කෑ ගහගෙන කාමරයෙන් එළියට බැහැලා දිවවා. බිත්තිය කැඩෙනවත් එක්කම වහල ගැලවිලා ඇවිත් මම නිදන් හිටපු ඇඳ ළඟටයි වැටුණේ. මගේ ජීවිතය මේ පාර බේරුණේ අනූ නවයෙන්.

කැබිතිගොල්ලෑව සමූහ
එස්. ජී. උබේපාල

නව අදහස දක්වන්න