ඉඩම් අණපනත් සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙනවා | දිනමිණ

ඉඩම් අණපනත් සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙනවා

දැනට පවතින අනපනත් අනුව රජයේ ඉඩමක් පවරන්නේ නැතිව දෙමාපියන් මියගියහොත් ඒ ඉඩමේ අයිතිය වැඩිමහල් පිරිමි කෙනාට හිමිවනවා. මෙතනදි තමයි පවුලේ අසමගිය ඇතිවන්නේ. ඒ පිරිමි කෙනත් එක්ක විරසක පවතින කිසිකෙනකුට ඉඩමේ අයිතියක් හිමිවන්නේ නෑ. මේ හේතුව නිසා ඉඩම් ප්‍රශ්න ගොඩක් ඇතිවනවා. මෙන්න මේ අනපනත් සංශෝධනය කරන්න ඉදිරියේ දී බලාපොරොත්තු වන්නේ යැයි ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ඉඩම් ඔප්පු දස ලක්ෂයක ලබාදීමේ වැඩපිළිවෙළේ අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය බලප්‍රදේශයේ ඉඩම් ඔප්පු ලබාදීමේ මූලික රැස්වීමටසහභාගි වෙමින් පැවති උත්සව සභාව අමතමිනි.

රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේ දී පැවති මේ උත්සව සභාවේ දී තවදුරටත් අදහස් දැක්වූ ගයන්ත කරුණාතිලක මහතා, අපේ රජය පසුගිය කාලයේ අවුරුදු දෙකහමාරක් මම මාධ්‍ය ඇමති ලෙස කටයුතු කළා.

එහිදී මම මාධ්‍ය නිදහස ඇතිකළා. මාධ්‍යයේ තිබුණ කලු පැල්ලම් ඉවත් කළා. ඔීනෑම දෙයක් ලියන්න මාධ්‍යවේදීන්ට අවශ්‍ය පරිසරය සැකසුවා. ගිනිතියන ඒවා නැවැත්වුවා. එහෙම කරන අතරතුරදී මමත් කල්පනා කළා මටත් ජනතා සේවයක් කරන්න පුළුවන් ඇමතිකමක් ලැබුණහොත් හොදයි කියලා.

අගමැති ජනාධිපති මා ගැන විශ්වාසය තියලා මට ඉඩම් ඇමැතිකම ලබාදුන්නා. ඒ නිසා මම කල්පනා කළා ජනතාවට වටිනා සේවයක් කරන්න. අවුරුදු 30ක් 40ක් කරන්න බැරිවෙච්ච දේ නිමකරන්න හිතා ගත්තා.

ඉඩමට ඔප්පුවක් නැතිවීම ජනතාවට විශාල ප්‍රශ්නයක්. කොච්චර කල් පදිංචි වී සිටියත් දරුවා පාසලට දාන විට ඉඩමේ ඔප්පුව හොයනවා. ඒකට ලකුණු 15ක් ලැබෙනවා. ඔප්පුව නැති වුනොත් ඒ ලකුණු 15ත් නැහැ. ණයක් ගන්න ඉඩම බැංකුවට තියන්න ඔප්පුව ඕනමයිඔ යැයි කීය.

එල්ආර්සී ඉඩම් භුක්ති විඳින කාටත් ඔප්පුවක් නැති සැමට ඔප්පුවක් දෙන්න මා කල්පනා කළා. මාස 04ක් ඇතුළත මේ ඔප්පු ටික ලබාදීමට අපි කටයුතු කරනවා. මෙතැන ඇති, කාර්යාලවලට විසි තිස් වතාවක් ගිහිල්ලත් ඔප්පුව හදාගන්න බැරිවෙච්ච අය. නිලධාරී, කාර්යාල පස්සේ යන්න එපා. මම ඉඩම් ඇමතිකම ගත්තේ ඔබේ දෙපතුල ළඟට ඇවිත් ඉඩම් ඔප්පුව දෙන්න. මේකෙදි කාගෙවත් ලනු කන්න එපා. අපේ ආණ්ඩුව ආවම නිකන් දෙන්නම් කියලා කියාවි. අහුවෙන්න එපා. එල්ආර්සී ඉඩම් කාටවත් නිකම් දෙන්න බෑ. ඒ නිසා මේ අයකරනවා කියන කටකතාවට බයවෙන්න එපා. ඉඩම් ඔප්පුව ලබාදීමේ මාසික ආදායම රුපියල් 25000ට අඩුනම් අපි ඒ අය අඩුආදායම්ලාභීන් ලෙසයි සලකන්නේ.

ඒ අනුව එල්ආර්සී ඉඩම්වල පදිංචිය අඩුආදායම්ලාභී අයට අපි පර්චස් 01ක් රුපියල් 100ක් බැගින් ලබාදීමට කටයුතු කරන්නේ යැයි කීය. මේ වැඩපිළිවෙල යටතේ රජයේ සේවකයෙක්ගෙ පඩිය මූලික වැටුප රුපියල් 25000ට අඩුනම් ඔවුන්ටත් එල්ආර්සී පර්චසයක් රුපියල් 100කට ලබාදීමට කටයුතු කරන්නේ යැයිද කීය.

රජයේ ඉඩම් සඳහා ඔප්පු ලබාදීමේ නියාමන වැඩසටහනක් ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ එය ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්නේ යැයි පැවසූ ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවටත් තවම ඔප්පුවක් නැතැයිද එයත් ලබන සතියේ සකස්කර කථානායකට ලබාදීමට කටයුතු කරන්නේ යැයිද කීය. මේ වැඩපිළිවෙළ පක්ෂ පාට භේද නෑ. මම කල්පනා කළා එවැනි බේදයකින් තොරව ඔප්පුවක් නැති කාටත් ඉඩම් ඔප්පුවක් ලබාදෙන්න. ඒ සඳහා ඔබගේ සහාය මට ලබාදෙන්න යැයිද කීය.

අක්මීමන එ.ජ.ප. සංවිධායක ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති විජේපාල හෙට්ටිආරච්චි මහතා-

මේ වැඩසටහන ගයන්ත ඇමතිතුමා ක්‍රියාත්මක කරන ඉතාමත් වටිනා වැඩපිළිවෙලක්. පාර්ලිමේන්තුවටත් ඔප්පුවක් නෑ. මේ උත්සවය තියෙන විද්‍යාඵීඨයටත් ඔප්පුවක් නෑ. මේ සියල්ලටම මේ වැඩසටහන යටතේ ඔප්පුවක් ලැබෙන්නේ යැයිද කීය.

ජනබල ගම්මානයේ මම මන්ත්‍රීවන විට ගැටලු ගොඩක් තිබුණා. ජලය, විදුලිය, මාර්ග හදාගන්න දුන්නේ නෑ. මම ඒ සදහා අවශ්‍ය පියවර ගත්තා. මේ ගම්මානය සමෘද්ධි ගොවි ගුරු ගම්මානයක් ලෙස තියෙන්නේ. මේ කිසිකෙනෙක් එලවන්නේ නෑ. ඒ හැමෝටමත් අපි ඔප්පුවක් ලබා දෙනවා.

ඒ වගේම අපේ රජය මේ වන විට විශාල වැඩකොටසක් කරගෙන යනවා. උපාධිධාරීන් තවත් 20000කට රැකියා දෙනවා. නුදුරේදීම තවත් ලක්ෂ දෙකකට සමෘද්ධි සහනාධාරය ලබා දෙනවා. හියාරේ ප්‍රදේශයේ දෝතලුගොඩ කන්ද බෙදා දීමට අවශ්‍ය කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම මේ ආසනයේ සංවිධායක දූරයෙන් ඉවත් කරන්න කොටසක් කටයුතු කළා.

. අක්මීමන ප්‍රාදේශීය සභා සභාපති සමරසේන කලහෙවත්ත මහතා සුභාශිංෂණ එක්කළ අතර පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොම්ෂන් සභාවේ සභාපති

ඇතුළු නිලධාරීන් රැසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

අක්මීමන විශේෂ
සුනිල් ගමගේ

.


නව අදහස දක්වන්න

Or log in with...