ජාතික නිවාස දින කොඩි සතිය අරඹමින් පළමු කොඩිය ජනපතිට පළඳවයි | දිනමිණ

ජාතික නිවාස දින කොඩි සතිය අරඹමින් පළමු කොඩිය ජනපතිට පළඳවයි

ජූනි 23 වැනිදාට යෙදෙන ජාතික නිවාස දිනය වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇති කොඩි සතිය ආරම්භ කරමින් එම පළමු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැළඳවීම ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. නිවාස හා ඉදිකිරිම් අැමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිතුමා වෙත කොඩිය පැළද වීය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය. දිවංගත හිටපු ජනාධිපති, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිර්මාතෘ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජන්ම දිනය යෙදී ඇති ජූනි 23 වැනිදා දිනය ජාතික නිවාස දිනය ලෙස ප්‍රකාශයට පත් කැර තිබේ. ඡායාරූපය : සුදත් සිල්වා


නව අදහස දක්වන්න

Or log in with...