අමෙරිකාව එ.ජා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි | දිනමිණ

අමෙරිකාව එ.ජා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි

අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සාමාජිකත්වයෙන් ඉවත් ව තිබේ.
 
එම කවුන්සිලය පක්ෂග‍්‍රාහී ලෙස කටයුතු කරන බව පවසමින් අමෙරිකාව මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
රටවල් 47 කින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සමන්විතය.
 
ඊශ‍්‍රායලය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය ගන්නා ක‍්‍රියාමාර්ග පිළිබඳ සෑහිමකට පත්විය නොහැකි බවඑක්සත් ජාතීන්ගේ සංවිධාන අමෙරිකා නියොජිත නිකී හේලි සඳහන් කර තිබේ. ඒ අනුව දීර්ඝ කාලයක සිට කරුණු අධ්‍යනය කිරිමෙන් මෙම තීරණයට එළඹ ඇති බව සදහන් ය.
 
මානම හිමිකම් කවුන්සලයේ ප‍්‍රතිසංස්කරණ සිදුවිය යුතු බව අමෙරිකාව පෙන්වා දෙයි. අමෙරිකාවේ මෙම තීරණය ඊශ‍්‍රායලයේ ඇගයීමට ලක්ව ඇත. 
 
කෙසේ වෙතත් අමෙරිකාවේ මෙම තීරණය යළි සළකා බැලිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස්ට් පවසා තිබේ.
 
 
 
 

නව අදහස දක්වන්න