අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් | දිනමිණ

අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක්

බුද්ධිකා ඉඹුලාන සහ සිතාරා සේනානි

රජය අපහසුතාවයට පත්කෙරෙන ,අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති,සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.

මෙයින් මාධ්‍යජාලා 40 ක් ජාතිවාදය වපුරන්නට සකස් කළ ඒවා බවත් ඉතිරි 40 ආණ්ඩු විරෝධී ප්‍රචාර සිදු කිරීමට යොදාගැනීමට සකස් කර ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබෙන බව ද ඇමැතිවරයා පවසයි.

ඒමාධ්‍යජාලා සම්බන්ධයෙන් වූ ගූගල් සිතියම පවා දැන් ලැබී තිබෙන අතර මේසම්බන්ධයෙන්රජය කඩිනමින් පරික්ෂණ ආරම්භ කෙරෙනු ඇතැයිද ඇමැතිවරයා අවධාරණය කරයි.

ළඟදී අටවා ගත් දේශපාලන පක්ෂයක කණ්ඩායමක් මෙය සංවිධානය කර ඇති බවත් තරුණ කණ්ඩායම් සඳහා මුදල් ගෙවා යොදවා ඇති බවත් ඇමැති රාජිත සේනාරත්න මහතා කියයි.

ඊයේ(20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිරාජිත සේනාරත්න මහතා මේ බැව් අනාවරණය කළේය.

නව අදහස දක්වන්න