පළාත් සභා ඡන්දය මනාප ක්‍රමයට දෙසැම්බරයේ | දිනමිණ

පළාත් සභා ඡන්දය මනාප ක්‍රමයට දෙසැම්බරයේ

බුද්ධිකා ඉඹුලාන, සිතාරා සේනානි

පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමය යටතේ ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් වන පනත සැප්තැම්බර් මාසයේ ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකිරීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය ‍මෙසේ දෙසැම්බර් මාසයේ පැවැත්වෙන බව ද ඇමතිවරයා කියයි.

නව මැතිවරණ ක්‍රමයට වඩා බොහෝ දෙනාගේ කැමැත්ත පැරණි මනාප ක්‍රමයට බැවින් මැතිවරණය පැරණි ක්‍රමයටම පැවැත්වෙනු ඇතැයි ද ඇමතිවරයා සඳහන් කරයි.

ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (20) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.

 


නව අදහස දක්වන්න

Or log in with...