කෘෂිකර්ම විද්‍යාලය දින නියමකින් තොරව වසා දැමේ | දිනමිණ

කෘෂිකර්ම විද්‍යාලය දින නියමකින් තොරව වසා දැමේ

උණ රෝගයක් හේතුවෙන් මහනුවර – කුණ්ඩසාලේ පිහිටි ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය දින නියමකින් තොරව වසා දමා ඇති බව වාර්තාවේ.

එහි අධ්‍යක්ෂ අමල් අරුණප්‍රිය සඳහන් කළේ, විද්‍යාලයේ සිසුන් අතර උණ රෝගය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.

250කට අධික පිරිසක් කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර සිසුන් 11 දෙනෙකු රෝගීවීම හේතුවෙන් මැණික්හින්න රෝහලට ඇතුළත් කර ඇත.

සයි.


නව අදහස දක්වන්න

Or log in with...