දේශීය සැමන් අහිතකර නෑ සෞඛ්‍යාරක්ෂිතයි | දිනමිණ

දේශීය සැමන් අහිතකර නෑ සෞඛ්‍යාරක්ෂිතයි

දේශීයව නිෂ්පාදනය කරන සැමන් සෑම අතින්ම උසස් ප්‍රම්තියෙන් යුතුව වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා ටින්මාළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා පවසයි.

මේදීනවල ආන්දෝලනයකට තුඩු දී ඇති සැමන් ටින් තුළ පනුවන් හමුවුන බව සඳහන් ප්‍රවෘත්තිය සම්බන්ඳයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිට්යේ අන්තර් ජාතික පිළිගත් ක්‍රම වේදයන්ට යටත්ව තම කර්මාන්ත ශාලා තුළ සැමන් නිෂ්පාදනය කරන බැවින් කිසිදු ආකාරයකින් සෞක්‍යට අහිතකර ආකාරයේ නිෂ්පාදනයන් ඉදිරිපත් නොකරන බවයි.

තිස් ගෲප් ඔෆ් කම්පැනි හී අධ්‍යක්ෂ ෂාන් ප්‍රනාන්දු මහතාගේ අදහස් තහවුරු කරමින් ආහාර පිළිබඳ මහාචාර්යය ආතර් බමුණුආරච්චි මහතා පැවසුවේ සැමන් නිෂ්පාදන කෙරෙන දේශීය කර්මාන්ත ශාලාවන්හී භාවිත ක්‍රමවේද පිළීබඳව ඉතාමත් හොඳ විද්‍යාත්මක නිරීක්ෂනයක් කර ඇති බවත් ස්වභාවිකව මාළු තුළ ජීවත් විය හැකියි අනුමාන කරන බැක්ටීරියා , ක්ෂුදු ජීවීන් , ආදී පරපෝෂිතයින් මුළුමනින්ම වැනසීම සඳහා නිෂ්පාදනයේදී අධිපීඩන උනුසුම් කරනයකට මෙම මාළු භාජනය කරන බවයි. සාමාන්‍ය යෙන් විනාඩි 20 ක පමණ කාලයක් එලෙස තැබීමෙන් සියළු පරපෝෂිතයින් විනාශ වන බව පවසන ඒ මහතා තිස් සැමන් ඇතුළු දේශිය නිෂ්පාදන බොහොමයක් විනාඩි 55ක පමණ කාලයක් උෂ්නත්වයට ලක්කෙරෙන බව තමවුරු කරයි . එපමණක් නොවේ ශ්‍රි ලංකාව අවට සාගරයෙන් නෙලා ගන්නා දේශිය සැමන් වර්ග බොහොමයක් පරපෝෂිතයන්ගෙන් තොර පිරිසිදු ඒවායි. ඊට හේතුව රට අවට මුහුදු තීරය අනෙකුත් කාර්මික රටවලට සාපේක්ෂව පිරිසිදු තත්වයකින් පැවැතීමයි.

ආනයනනික සැමන් සඳහා බඳු අඩු කිරීම හේතුවෙන් දේශීය සැමන් ටින් කර්මාන්තය අර්බුදයට යම්න් පවතින බවද ෂාන් ප්‍රනාන්දු මහතා පවසයි . රට වට සාගරය පැවතියද , රට මෙන් දස ගුණයකින් විශාල සාගරයකට උරැමකම් කීවද එයින් නිසි ප්‍රයෝජන ලැබීමට නොහැකිවීම මහත් අභාග්‍යයන් බවට මෙතෙම අවධාරනය කරයි.මාළු අපනයනය මඟින් රට‍ට විදෙස් විනිමට උපයා දුන්නද ‍‍ටින් මාළු ආනයනයට රටක් වශයෙන් වාර්ෂිකව විශාල මුදලක් වැය කිරීම කනගාටු දායක බැවි පැවසූ ඒ මහතා දැනටත් දේශීය ටින් මාළු අවශ්‍යතාවයෙන් සියයට 50ක් පමණ නිෂ්පාදනය කරන දේශීය ව්‍යාපාරිකයා දිරි ගන්වන්නේනම් රටට අවශ්‍ය සියළු ටින්මාළු මෙරට නිෂ්පාදනය කළ හැකි අතරම අපනයනය කිරීමටද හැකිබව පවසයි


නව අදහස දක්වන්න

Or log in with...