මාලදිවයින තානාපති හමුව ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේදී | දිනමිණ

මාලදිවයින තානාපති හමුව ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේදී

මාලදිවයින් තානාපති එච්.ඊ හුෂේන් ෂරීක්ල මැතිතුමන් ප්‍රමුඛ තානාපති හමුව” (Meet The Ambassador වැඩසටහන එනම් ශ්‍රී ලංකාව හා අතර ද්විපාර්ශවික වෙළෙද කටයුතු සම්බන්ධ සම්මන්ත්‍රනය 2018 ජූනි මස 26 වන අඟහරුවාදා ප.ව 3.00 සිට ප.ව 4.30 දක්වා ශ්‍රී ලංතා ජාතික වානිඡ මණ්ඩකයල අංක 450, ඩී ආර් විජේවර්ධන මාවත, කොළඹ 10 යන ස්ථානයේදී පැවැත්වේ .

මේ සදහා සහභාගී වන අයට මාලදිවයින් තානාපති ඇතුළු අ‍නෙක් නිලධාරීන් සමග සමීපව සාකච්ඡා කිරීමට හැකිවේ. ශ්‍රී ලංකාවෙන් කිලෝමීටර 700ක් පමණ බටහිරින් පිහිටි මාලදිවයින කොරල් දුපත් 1200කින් සමන්විතවේ. මුහුදුමට්ටමේ සිට අඩි 08ක් පමණ දුරින් පිහිටා ඇති මෙය මුහුදුමට්ටමින් ලොව පහළම රටයි. මාලදිවයින් ජනගහනය මිලියන 04ක් පමණ වේ. මෙහි ප්‍රධාන ආර්ථික කටයුතුවන්නේ සංචාරක කර්මාන්තය, ධීවර නැව් බෝට්ටු කර්මාන්තය, පොල් සැකසුම් කර්මාන්තය, අත්කම් කර්මාන්තය, කොරල් හා වැලිගොඩ දැමීම ආදියයි.

ප්‍රධාන ආනයන භාණ්ඩ වන්නේ මාලදිවයින් ආහාර, ඉන්ධන, ගුවන්යානා, ගොඩනැගිලි ද්‍රව්‍ය, යකඩ හා වානේ, විදුලි සංදේශ උපකරණ, සිමෙන්ති ආදියයි. පළතුරු හා එළවළු, විදුලි උපකරණ, ඉදිකිරීම් භාණ්ඩ, රසකැවිලි, ඛනිජ ජලය, තේ, ලී භාණ්ඩ, ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන අතර, මෙම කටයුතුවල නියැලෙන ලාංකික සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් සිටින්නේ සුළු ප්‍රමාණයකි.

මාලදිවයින තුළ අඩු වශයෙන් වෙළෙඳාමට බාධක පවතින අතර අගනගරය කේන්ද්‍රකරගත් කුඩා භූමියක ව්‍යාපාර කටයුතු සිදුවේ. ආහාර හා ඉලෙක්ට්‍රෝනික උපකරණ ඇතුළු උසස් තත්ත්වයේ පාරිභෝගික භාන්ඩ සඳහා මාලදිවයින් ඉල්ලුම ඇති අතර පොල් හා රබර් නිෂ්පාදන, ප්ලාස්ටික් නිෂ්පාදන ආදිය අපනයනය කිරීමේ හැකියාව පවති. එසේම පුහුණු ශ්‍රමිකයින් සැපයීමද ශ්‍රී ලංකාවෙන් ප්‍රවර්ධනය කළහැකි තවත් කාර්යයකි. ලියාපදංචි වීම සදහා 011-4741788 යන දුරකථන අංකය ඔස්සේMrs.Fouad [email protected]; [email protected] යන විද්‍යුත් ලිපිනයන් ඔස්සේ ෆුවාඩ් මිය හා නිර්මානි මිය සමග සේබන්ධ විය හැක.


නව අදහස දක්වන්න

Or log in with...